නවක වධය දුන් යාපනය සරසවි සිසුන් 19 කගේ පන්ති තහනම්  

156

යාපනය විශ්වවිද්‍යාලයේ නවක වධය ලබාදීමේ සිද්ධින්ට අදාළව එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 19 දෙනකුගේ අධ්‍යයන කටයුතු තහනම් කිරීමට විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය කටයුතු කොට තිබේ.

නවක සිසුන් සඳහා මෙසේ පීඩා වන අන්දමින් නවක වධය ලබාදීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණයකදී වැරදිකරුවන් වූ සිසුන් 19 දෙනකු සඳහා මෙසේ අධ්‍යයන තහනමක් පනවා තිබේ. ශාස්ත්‍ර පීඨයේ සිසුන් 14 ක් සඳහා මාස 06 ක තහනමකුත්, තාක්ෂණ පීඨයේ සිසුන් 04 කට වසර දෙකක තහනමක් හා තවත් සිසුවකු සඳහා වසර දෙකක තහනමක් සමගින් මෙම සිසුන්ට අධ්‍යයන කටයුතු තහනම් කොට තිබේ.

උපකුලපතිවරයා විසින් අදාළ පීඨාධිපතිවරුන් හරහා මේ පිළිබඳව එම සිසුන්ට දැනුම්දී ඇති අතර එම දඬුවම ක්‍රියාත්මක වන කාලසීමාව තුළ එම සිසුන්ට අධ්‍යයන කටයුතුවල නියැලීම සේම විශ්වවිද්‍යාල ප්‍රදේශයට ඇතුළු වීමද තහනම් කොට ඇත.

මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment