රුසියාවේ පැමිණීම…

1441

රුසියානු සංචාරකයන් ලක්ෂයක් පැමිණීම වෙනුවෙන් විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ උදෑසන පැවැත්වුණි.

එසේ ලක්ෂය වැනි සංචාරකයා රැගත් රුසියාවේ ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්. යූ. – 288 දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට 07/17 දින උදෑසන 10.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම ගුවන් යානය තුළ රුසියානු සංචාරකයන් 292 සහ කාර්යය මණ්ඩලය 12 දෙනකු පැමිණ සිටියහ.

පසුගිය වසරේ 2022 ඔක්තෝබර් මස 02 දින රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවය සහ එම වසරේ 2022 නොවැම්බර් මස අසූර් එයාර් (Azur Air) ගුවන් ගමන් සම්බන්ධතා කටුනායක ගුවන්තොටුපළ සමග ආරම්භ කළේය.
එසේම 2022 දෙසැම්බර් මාසයේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය මත්තල ගුවන්තොටුපළ සමග ගුවන් ගමන් ආරම්භ කර තිබුණි.

මෙම රුසියානු ගුවන් සේවා යානා 314 ක් මගින් මෙසේ ශ්‍රී ලංකාවට මෙම කාල වකවානුව තුළ රුසියානු සංචාරකයන් ලක්ෂයක ප්‍රමාණය රැගෙනවිත් තිබුණි.

මෙසේ 07/17 දින රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි රුසියානු සංචාරකයන් පිරිස පිළිගැනීම ගැනීම සදහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් (Levan Dzhagaryan), සීමාසහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා සංචාරක සම්මුති කාර්යාංශයේ සභාපති තිසුම් ජයසූරිය, ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් රයිසන් සමාගමේ සභාපති තිලක් වීරසිංහ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ (මහජන සබඳතා) මධුභානී පෙරේරා, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, සංගීත ශිල්පි ඉරාජ් වීරරත්න ඇතුළු ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment