ලියාපදිංචි නොකර ඖෂධ 500ක් මේ වසරේ ලංකාවට ගෙනත්

76

සෞඛ්‍ය වෘත්තීයවේදී විද්වත් සංගමය

ලියාපදිංචි නොකර ඖෂධ පන්සියයකට වැඩි ප්‍රමාණයක් මේ වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වා ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

පසුගිය වසරේදී ද ලියාපදිංචි නොකළ ඖෂධ මෙරටට ගෙන්වීමට ලිපි 764 ක් නිකුත් කර ඇති බවට තොරතුරු වාර්තා ඇති බැවින් මෙම සියලු ඖෂධ නැවත රසායනාගාර පරීක්‍ෂාවට ලක් කළ යුතු බවද එම සංගමය අවධාරණය කරයි.

සෞඛ්‍ය සේවාවේ පවතින එකම ගැටලුව ආසාත්මිකතාව නොවූවත් ඒ පිළිබඳව විශේෂඥයකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොමැතිවීම ආසාත්මිකතාවන්ට ලක්වූ රෝගීන් කළමනාකරණය සඳහා තීරණ ගැනීමට විශාල බාධාවක් බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ (17 දා) ‘දිවයින’ට පැවසීය.

ආසාත්මිකතාවට ලක්වූ රෝගීන් කළමනාකරණයට තීරණ ගැනීම සඳහා හැකියාව ඇති මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා එම විමර්ශන කමිටුවට පත් කරන්නේ නම් ඵලදායී ප්‍රතිඵල ලබාගත හැකි බව පැවසූ ඒ මහතා රෝගීන්ගේ පැත්තේ සිට ගැටලු දෙස නොබලන තෙක් මෙරට සෞඛ්‍ය අර්බුද විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකි වන බවද කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment