සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බිඳවැටීම රටේ විශාල ඛේදවාචකයක් – ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක

102

කාර්ය මණ්ඩල හිඟය, උපකරණවල හිඟය, බෙහෙත් හිඟය සහ නුසුදුසු බෙහෙත් යොදා ගැනීම නිසා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බිඳවැටීම රටේ විශාල ඛේදවාචකයක් බවට පත් වී තිබෙන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා 16 දින මහනුවර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය-

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ඊළඟට දැන් මතු වෙලා තියෙන සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රශ්නය. ඔබ දන්නවා අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ මේ පාලක කණ්ඩායම් විසින් විවිධ ව්‍යාපෘති හඳුන්වා දෙමින් මේ රට ගොඩ නගන්නේ එම ව්‍යාපෘතීන් කියලා පෙන්නුවා. ඔබට මතකයි හම්බන්තොට වරාය හැදුනහම අපේ රට

ගොඩ යයි කියල කිව්වා. පෝට් සිටිය හැදුනහම අපේ රට ගොඩ යයි කියල හිතුවා. මත්තල ගුවන් තොටුපල හදපුවහම අපේ රට ගොඩ යනව කියල හිතුවා. සූරියවැව පිට්ටනිය හදපුවහම අපේ රට ගොඩ යනවා කියලා සංකල්පයක් හිතුවා. නෙළුම් කුළුණ හදපුහම අපේ රට ගොඩ යයි කියලා සංකල්ප ඇති වුණා. දීර්ඝ කාලයක් තිස්සේ මේ පාලකයන් මහා පරිමාණ ව්‍යාපෘති පෙන්වමින් ඒ ව්‍යාපෘති හරහා අපි ගොඩයයි රට ගොඩයයි කියලා මතයක් ඉදිරිපත් පත් කළා.

නමුත් දැන් ආපසු හැරිලා බලපුවහම මොකක්ද සිදු වෙමින් තියෙන්නෙ? මේ ව්‍යාපෘති ගණනාවක් රටට බරක් වී තිබෙනවා. මේ ව්‍යාපෘතිය පාඩු ලබන ව්‍යාපෘති බවට පත්වී තිබෙනවා. මේ ව්‍යාපෘතිවලට ගන්නා ලද ණය

ගෙවා ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා මේ මහා පරිමාණ ව්‍යාපෘති සංකල්පයෙන් සිදුවී තිබෙන දේ තමයි රටත් ජනතාවත් විශාල අභාග්‍ය සම්පන්න තත්වයකට පත් වී තිබීම. මේ ඇතුළෙ තමයි මේ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාව ඇවිල්ලා තියෙන්නෙ. ඒක හම්බන්තොට වරායට පෝට් සිටියට අනිකුත් ව්‍යාපෘති ගණනාවකට වියදම් කරපු මුදල්වලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් අපි ණයට අරගෙන කරනවා. එතකොට ජනතාවට සාධාරණ සැකයක් තියෙනවා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඇති කරන ලද මහා පරිමාණ ව්‍යාපෘති රටට බරක් වෙලා රට බංකලොත් වෙන්න හේතු සාධක වුණා. ඒ නිසා මෙම ව්‍යාපෘතිය පිළිබඳවත් ඊට වඩා දත්ත තොරතුරු රටට අවශ්‍යයි. ඉන්පසුව තමයි අපිට ව්‍යාපෘතිය අවශ්‍යද නැද්ද කියලා අපි තීරණය කරන්න ඕනෙ. මේ නිසා අපගේ ඉල්ලීම් බවට පත්වෙන්නේ මේ සැහැල්ලු‍ දුම්රිය සේවය මොන තරම් ශක්‍යතාවයෙන් යුතුද? ඒක රටට හිතකරද? කියන කරුණු රටට ඉදිරිපත් කරන්න ඕනා.

ඔබ දන්නවා අද අපේ රටේ විශාල ඛේදවාචකයක් බවට පත් වී තිබෙනවා මේ සෞඛ්‍ය සේවයේ ඇති වී තිබෙන බිඳවැටීම. මේක ආකාර තුනකට බිඳ වැටිලා තියෙනවා. එකක් කාර්ය මණ්ඩල හිඟය. දෙක උපකරණ වල හිඟය. තුන බෙහෙත් හිඟය සහ නුසුදුසු බෙහෙත් යොදා ගැනීම. ඒ නිසා ගත්තොත් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පද්ධතියක් හැටියට බිඳිලා තිබෙන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ලට විතරක් නෙවෙයි විශ්වාසභංගයක් ගේන්න ඕනේ. මේ ආණ්ඩුවට විශ්වාසභංගයක් ඕනේ. මේ රටේ ජනතාවට නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු වී තිබෙනවා. ඊළඟට ඔබ දන්නවා විශේෂයෙන්ම මැතිවරණ ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ නොපවත්වමින් ඉස්සරහට ඉන්න සැලසුම් කර තියෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවට ආණ්ඩුව පැත්තෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරා මැතිවරණයක් පවත්වන්නේ නැතිව හිටපු පළාත් සභා සභාපතිවරුන් පළාත් සභා නගර සභා සභාපතිවරුන් නගරාධිපතිවරුන් මන්ත්‍රීවරුන් නැවත සක්‍රීය කරන්න කියලා. මම ස්තුතිවන්ත වෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට නීතිපතිවරයා ඒකට ජනමත විචාරණයක් අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ආණ්ඩුවේ උපක්‍රමය බවට පත් වූයේ කුමක්ද? ඡන්දෙ තියන් නැතුව හිටපු සභා වල ඒ සභාපතිවරුන් නගරාධිපතිවරු නැවත බලය පිහිටුවීම සඳහා සැලසුම් කිරීම ඒ නිසා අපි අපේ ඉල්ලීම වී තිබෙන්නේ ඡන්දෙ තියන්න ආණ්ඩුව පසුගිය කාලයේ කිව්වා ආර්ථිකය අයහපත් නිසා ඡන්දය තියන්න බෑ කියල. දැන් ආණ්ඩුව පැත්තෙන් කියනවා ආර්ථිකය යහපත් කියලා. දරුවා වැල් පාලමෙන් එලියට අරන් ආවා කියලා දැන් රනිල් වික්‍රමසිංහ කියනවා. එහෙනම් දැන් ඡන්දෙ තියන්න. විශේෂයෙන්ම අපි අධිකරණයට ගිහිල්ලා තිබෙනවා. අධිකරණය අපි විශ්වාස කරනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් අවසානයේදී අපි පිහිට ලැබීම අධිකරණය. අධිකරණය මීට යහපත් තීන්දුවක් ලබා දෙයි කියලා දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කළා මේ රට බංකලොත් වීමට හේතු සාධක හොයන්න. එකේ සභාපතිවරයා බවට පත් වෙලා තියෙන්නෙ සාගර කාරියවසම්. එතකොට ඔහු මේ රට බංකොලොත් වෙන අවස්ථාවේ හිටි ආණ්ඩු පාලන බලය හොබවපු පක්ෂයේ මහා ලේකම්වරයා. ඒක නිකං හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ. ඒ නිසා ඔවුන් සතු බහුතරය තියෙනවා. ඔබට මතක ඇති ශිරාණි බණ්ඩාරනායක පිලිබඳ තේරීම් කාරක සභාවේදී ඔවුන් සතුව බහුතර බලය තිබුණා. ඔවුන්ට පුළුවන්කම තිබුණා අනිත් මත ඔක්කොම යටපත් කරලා ඔවුන්ගේ බලය මත මේ වාර්තා එළියට දාන්න. දැන් මේ උත්සාහ කරමින් තිබෙන්නේ ආර්ථික අර්බුදයේ සැබෑ ආර්ථිකය කඩා වැටීමේ වග උත්තකරුවන් මේකට තීන්දු තීරණ ගත්තු අය මහජනයාගේ ධනය හොරකම් කරපු අසාධාරණ නොවන ව්‍යාපෘතිවල ධනය වැය කරලා රට බංකොලොත් කරපු අය ඒගොල්ලෝ බේරලා වෙන දිසාවකට මේ ආර්ථික අර්බුදයේ වගඋත්තරකරුවෝ හොයන්නයි මේ හදන්නේ.

මේ රට බංකොලොත් කිරීම පිළිබඳ බැසිල් රාජපක්ෂ, කබ්රාල් ඇතුළු කණ්ඩායම චූදිතයන් කළ නඩුවක් තියෙනවා. එසේ තිබෙද්දී පාර්ලිමේන්තුව තව කණ්ඩායමක් හොයන්න යනවා ඒකෙන් කරන්නේ අධිකරණයේ විභාග වෙමින් තියෙන මේ නඩුවට අනසි බලපෑමක් සහ ඔවුන්ගේ බහුතරය මත ඔවුන්ට අවශ්‍ය තීන්දුවක් ලබා

ගැනීමට තියෙන උවමනාව ඒ නිසා මෙවැනි තේරුමක් ඇති සෙල්ලක්කාර විගඩම් සහිත තේරීම් කාරක සභාවට කාලේ නාස්ති කරනවා. ඒවගේම ආණ්ඩුවේ තේරීම් කාරක සභාව උපක්‍රමවලට යට වෙන්නත් කවුරු යට වුණත් ජාතික ජන බලවේගය සූදානම් නෑ. මේ ආර්ථික අර්බුදය නිසා තමයි පසුගිය අරගල යෙදී පැනල යන්න දෙන්න එපා. මේගොල්ලෝ අත්අඩංගුවට ගන්න ඕන. හිරේ දාන්න ඕන මේගොල්ලන්ට දඬුවම් දෙන්න ඕන කියලා අදහස ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ආර්ථික අපරාධයක් සිද්ධවෙලා තියෙනවා. ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් දෙන්න කියලා. තවදුරටත් කමිටි නෙවෙයි ඕන.

මම හැමදාම කියන්නේ දූෂිතයෙකුට දඬුවම් දෙන්න පුළුවන්කම තිබෙන්නේ අදූෂිත ව්‍යාපාරයට විතරයි. කවදාවත් දූෂිතයෙක් දූෂිතයෙකුට දඬුවම් දෙන්නේ නෑ. දූෂිතයන් මොකද කළේ? තමන් විසින්ම දූෂිතයන් කියලා චෝදනා කරපු දූෂිතයින් ජනාධිපති කරවනවා. එහෙමයි දුෂිතයින්. ඒ නිසා දූෂිතයන්ට දඬුවම් දෙන්නේ අදුෂිතයින් විතරයි. ඒ ජාතික ජන බලවේගයයි.
ලලන්ත වන්නිආරච්චි – මහනුවර

advertistmentadvertistment
advertistmentadvertistment