දළදා පෙරහැරට විදුලිය දෙන්න ලක්ෂ 132ක් ඉල්ලා සිටීම සංස්කෘතියට පහර දීමක් – විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

56

ඉතිහාසයේ පළමු වතාවට විදුලිබල මණ්ඩලය දළදා මාලිගාවේ පෙරහැරට අදාළව ලක්ෂ 132ක ඇස්තමේන්තු විදුලි බිලක් එවීම සංස්කෘතියට පහර දීමක් යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (17දා) පැවසීය.

නුවර දළදා පෙරහැර වෙනුවෙන් විදුලිය ලබා දීමට අදාළව විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී දළදා මාලිගාවට ඉදිරිපත් කර ඇති ලක්ෂ එකසිය තිස්දෙකක ඇස්තමේන්තු බිල පිළිබඳව අදහස් දක්වමින් කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

සංජීව ධම්මික මහතා මෙසේ ද පැවසීය.

නුවර වීදි ලාම්පුවලටත් ලක්ෂ හතළිස් හතරක් ඇස්තමේන්තු කරලා එවලා. නුවර කියන්නේ අඳුරේ තියෙන නගරයක් ද? ඇමැතිවරයා කබරගොයත් තලගොයා කරගෙන කන්න හදනවා මේ පෙරහැර වෙලාවෙදි. මෙම ඓතිහාසික පෙරහැර දෙස් විදෙස් සංචාරකයෝ බලාගෙන සිටින පෙරහැරක්.

මේ කරන්නේ සංස්කෘතියට පහර දීමක්. අයි.එම්.එෆ් හා විදේශ බලවේගවල බලපෑමක්ද මේ කරන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා.

රටේ ජනාධිපති ව්‍යවස්ථාවෙන් බැඳී සිටිනවා බුද්ධාගම ආරක්ෂා කරන්න. මෙහෙමද එහෙම කරන්නෙ. මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. එක, එක කරගෙන, ව්‍යවස්ථාව දෙකට, තුනට දා, අපේ දළදා පෙරහැර කියන උතුම් සංස්කෘතිය මංගල්‍යය නොසලකාම හැරලා.

දළදා පෙරහැරට විදුලිය නොමිලේ දීම අපරාධයක් කියන මණ්ඩලය පහුගිය කාලයේ නොරොච්චෝලේ හතරවෙනි බලාගාරය හදන්න කියා පස්පිඩැල්ල වත් නොකපා මිලියන 167 වියදම් කළා .එයින් මිලියන 63 පඩි නඩි සහ සේවක වියදම්. නීතිඥයන්ට කෝටියක් ගෙවලා. මෙන්න අපරාධ. එහෙම නැතුව දළදා පෙරහැරට විදුලිය දීම අපරාධයක් නෙවෙයි.

ඇමැතිවරයා හදන්නේ පොරක් වෙන්න ගිහිල්ලා ජනතාව ඉදිරියේ කොර වෙලා යන්නයි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment