කොළඹ ගුවන් කතිකාවත 2023 අද සිට

124

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 06 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ගුවන් කතිකාවත (COLOMBO AIR SYMPOSIUM) එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව, චීනය ඇතුළු රටවල දෙස් විදෙස් විද්වතුන්

රැසකගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදා රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් උත්සව සහ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (09 දා) සහ හෙට (10 දා) දෙදින පැවැත්වේ.

මෙම විද්වත් සමුළුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙන් ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment