පැතුම්ට සහ ධනංජයට බංග්ලාදේශයට එන්න කියයි

573

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ඉදිරි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දු වාර 20-20 තරගාවලිය සඳහා තෝරාගෙන ඇත. ලබන වසරේ ජනවාරි මස සිට ආරම්භ වීමට නියමිත එරට ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායමට පැතුම් නිස්සංක ද සිල්හෙට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ධනංජය ද සිල්වා ද ඒ අනුව කැඳවා ඇත.

විදේශීය ලීග් ක්‍රිකට් තරගාවලියකට පැතුම් සහ ධනංජය තෝරාගනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සීමිත පන්දුවාර තරගවල ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කරන පැතුම් 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 214ක් ලබා ගනිමින් තරගාවලියේ හත්වැනියට වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේය. ධනංජය එම තරගාවලියේ තරග 8ක් තුළදී ලකුණු 177ක් ලබා ගත් අතර පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක්වීමට සමත් විය.

2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට කණ්ඩායම් 7ක් තරග වැදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment