කන්දකැටියෙන් බෙහෙත් තුවක්කුවක් අල්ලයි

89

කන්දකැටිය පොලිස් වසමට අයත් ඊරියගහ උල්පත ප‍්‍රදේශයේ හේන් යායක් තුළ පැළක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත නීති විරෝධී බෙහෙත් තුවක්කුවක් සැකකරුවෙකුද සමග අද (16* අත් අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
හේන් කොටන මුවාවෙන් මෙම පුද්ගලයා නීති විරෝධී තුවක්කුවක් ලඟ තබාගෙන වන සතුන් දඩයම් කරන බවට පොලීසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු සමග තුවක්කුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.
සැකකරු කන්දකැටිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment