නිපුණතා හා ආයෝජනය මත ඕසට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයන්ට ඉහළ අවස්ථා රැසක් හිමිවනවා

141

ඕසට්‍රේලියා ගේට්වේ ආයතනයේ සභාපති නීතිඥ සුසන්ත කටුගම්පොළ

නිපුණතා හා ආයෝජනය මත ඕසට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින්ට ඉහළ අවස්ථා රැසක් හිමිව තිබෙන බවත් ඒ සඳහා විශේෂඥ දැනුම ඇති නිවැරදි උපදේශන සේවාවන් භාවිත කළ යුතුව ඇති බව නීතිඥ සුසන්ත කටුගම්පොළ මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් සුසන්ත කටුගම්පොළ මහතා,

“ ශ්‍රී ලංකාව හා ඕසට්‍රේලියාව අතර සබඳතාව වර්ධනය කර ගනිමින් ඕසට්‍රේලියාවට නිවැරදි හා නීත්‍යානුකූලව ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම ලබාදීම අප ආයතනයේ ප්‍රධාන අරමුණයි.

ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් වෙත නිවැරදි මග පෙන්වීම ලබාදීමට ඕසට්‍රේලියා ගේට්වේ ආයතනය හා ෆෙයාර්ෆීල්ඩ් නීතිඥ කණ්ඩායම ඒකාබද්ධව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ෆෙයාර්ෆීල්ඩ් නීතිඥ කණ්ඩායම ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ කොළඹ අබ්දුල් කෆූර් මාවතේ ශාඛාවක් ද ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ටේ්‍රලියාවේ ජීවත්වන සංක්‍රමණිකයන්ට ද මෙහිදී අපගේ සේවාවන් ලබා දෙනවා.

ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට තියෙන හොඳම අවස්ථාවක් ලෙස නිපුණතා සංක්‍රමණය පෙන්වා දිය හැකියි. ඒ සඳහා වෘත්තීය සුදුසුකම්, අධ්‍යාපනය හා ඉංග්‍රීසි දැනුම වැදගත් වන අතර එම අයට ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය මෙන්ම පුරවැසිභාවය ලබාගත හැකියි. එලෙස පදිංචි වන අයට අපි දෙන පළමු උපදෙස ශ්‍රී ලංකාව අමතක නොකර ලංකාවට සෑම ආකාරයකම උදවු උපකාර කරන ලෙසයි. ශ්‍රී ලංකාව ගැන කලකිරීමෙන් ඕස්ට්‍රේ‍රලියාවට ඒමට අදහස් නොකර ශ්‍රී ලංකාව ගැන ආදරයෙන් පැමිණ තමන්ගේ අභිවෘද්ධිය හා අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් කටයුතු කරන්න.

ශ්‍රී ලංකාවේ තිබෙන සමාගම්වලට ඕස්ට්‍රේලියාව තුළ ආයෝජනය කිරීමට ඉහළ අවස්ථාවක් උදාවී තිබෙනවා. දේපළ සංවර්ධනය, කෘෂිකාර්මික අංශය, සේවා අංශය හා සම්පත් අංශයේ ආයෝජනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.

විදේශීය සමාගම්වලට ඕස්ට්‍රේලියාව තුළ ආයෝජනය කිරීමෙන් 100%ක ආරක්ෂාවක් හිමි වෙනවා. විදේශීය සමාගම්වලට එරට ආයෝජනය කිරීම සඳහා නීතියෙන් බාධා පමුණුවා නැහැ. එය වඩාත් සුබවාදී හා ඵලදායි අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. ශ්‍රී ලංකාවේ සමාගම්වලට අපි ආරාධනා කර සිටිනවා ඕස්ට්‍රේලියාවේ ආයෝජනය සඳහා යොමුවන ලෙස. එය අප රටට හොඳ අවස්ථාවක් වනු ඇත. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට හා ආයෝජනය කිරීමට අවශ්‍ය සේවාවන් හා මඟ පෙන්වීම ලබාදීමට මෙන්ම ඔබ වෙනුවෙන් එරට තුළ පෙනී සිටීමටත් අප කටයුතු කරනවා.

සේවාලාභියා සඳහා පවතින හොඳම හා නිවැරදිම මාර්ගය හඳුනාගැනීම සඳහා නොමිලේ මූලික උපදේශන ලබාදීම. හැකි හොඳම ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා පුද්ගලීකරණය කළ සහ ගැළපෙන ප්‍රවේශයක් සමග අනාගත ගනුදෙනුකරුවන්ට සහාය වීම. ඉල්ලුම් පත්‍රය සැකසීම සඳහා අවශ්‍ය ලියකියවිලි සමග සේවාදායකයාට සහාය වීම. වීසා ලබාදීම දක්වා ඉල්ලුම්පත්‍ර සැකසීම සඳහා සේවාදායකයා වෙනුවෙන් ඕස්ටේ්‍රලියානු බලධාරීන් සමග සම්බන්ධීකරණය කිරීම. සේවා ආයෝජකයාගේ අනුග්‍රහය දක්වන සංක්‍රමණ මාර්ගයේ අනාගත සේවායෝජකයන්ට සහ සේවකයන්ට මඟ පෙන්වීම සහ උපදෙස් ලබාදීම. ඕස්ටේ්‍රලියාවේ පදිංචි වීමේ විකල්පයන් සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට උපදෙස් ලබාදීම, මඟ පෙන්වීම, ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට සේවාදායකයන්ට උපදෙස් දීම යන සේවාවන් ෆෙයාර්ෆීල්ඩ්ස් නීතිඥවරුන් හරහා ලබාදීමට කටයුතු කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment