දමිතාට අපේක්‍ෂිත ඇප නොලැබෙයි

123

කොරියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගත්තේ යැයි චෝදනා එල්ල වී ඇති රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා ඉදිරිපත් කොට තිබූ අපේක්‍ෂිත ඇප ඉල්ලීම්, කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ (27දා) ප්‍රතික්ෂේප කරන ලදී.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇත්තේ ලැබුණ පැමිණිල්ලක් මත, පැමිණිලිකාර පාර්ශ්වයෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව බවත් දැනටමත් එම අපේක්ෂිත ඇපකරුවන් දෙදෙනා, තම අධිකරණය හමුවේ ගොනුකර ඇති විමර්ශනවල සැකකරුවන් ලෙස නම් කර ඇති බවත් පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා එම අපේක්ෂිත ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment