අත් පා මුඛ වෛරස් රෝගය වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක්

69

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

අත් පා මුඛ වෛරස් රෝගය වැලඳුණු දරුවන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි බොරැල්ල රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (27 දා) පැවැසීය.

මෙය දරවන් අතර පැතිර යන වෛරස් රෝග තත්ත්වයක් බැවින්, ඔබේ දරුවාගේ මුඛයේ, මුඛය වටේ රතු ලප හෝ අත් පා වල සුදු වතුර පිරුණු බිබිලි සමඟ උණ ඇත්නම් දරුවන් පාසලට, පෙර පාසලට හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට යැවීමන් වළකින්නැයි ද ඒ මහතා සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. මෙම අත් පා මුඛ වෛරස් රෝගය වැලඳුණු දරුවන්ගේ රෝග තත්ත්වය දින තුනක පමණ කාලයක් පවතින බවත්, ඒ සඳහා පැරසිටමෝල් පෙති හෝ පැරසිටමෝල් සිරප් නිර්දේශ කරන බවත් ඒ මහතා කීය.

මේ අතර පවතින දූවිලි සහිත තත්ත්වය හේතුවෙන් දරුවන් අතර ළමා හතිය හා කැස්ස වැඩිවීමක් දක්නට ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment