යාපනයේ දැරිය දකුණු ඉන්දියාව ජයගනී

513


දකුණු ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක් පවත්වන රියැලටි ගායන තරගාවලියක් ජයග්‍රහණය කිරීමට යාපනයේ දැරියක් සමත් වූවාය.

කිල්මිෂා යාසිසායි නමැති මෙම දැරිය ​ජයග්‍රහණය කළේල තමිල්නාඩුවේ සී ටැමිල් පෞද්ගලික රූපවාහිනී නාළිකාවල කුඩා දරු දැරියන්ගේ ගායන හැකියාව උරගා බැලීමට පවත්වන ලිට්ල් චැම්ප්ස් රියැලටි තරගයේ සීසන් 3 තරගාවලියයි.

එම තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය 17 වැනිදා චෙන්නායි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ජනප්‍රිය කලාකරුවන් වන විජේ ප්‍රකාශ්, ශ්‍රිනිවාස්ල සයින්දවි සහ අභිරාමි විනිසුරුවරුන් ලෙස කටයුතු කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment