මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටේ

215

කොළඹ සිට මීරිගම දක්වා වූ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලේගොඩ සහ බෙම්මුල්ල අතර කොටසේ කණු මත ඉදිවන මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා (04දා) පස්වරුවේ කඩා වැටී ඇත.

පසුගිය (04 දා) පස්වරු 5.45 ට පමණ මෙය කඩා වැටුණු බව ප්‍රදේශවාසීහු පවසති.

වෙල් යායක් ප්‍රදේශයේදී මෙම දැවැන්ත කොන්ක්‍රීට් බාල්කය කඩා වැටීම නිසා කිසිවකුටත් හානි සිදුවී නොමැත.

මධ්‍යම අධිවේගී මාර්ගය ඇතැම් ස්ථානවලදී ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ගවලට ඉහළින් ගමන් කරන අතර එවැනි ස්ථානයකදී මෙලෙස කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටුණේ නම් ඉන් ජීවිත හානිද සිදුවීමට ඉඩ තිබූ බව ප්‍රදේශවාසීහු පවසති.

වෙල්යාය මැද කණුමත මෙම ප්‍රදේශයේදී කණුමත මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරනු ලබන අතර එම කණු මත තබා තිබෙන දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් මෙලෙස බිමට කඩා වැටී ඇත.

අධිවේගී මාර්ගය ඉදිකරමින් පවතින අතරතුර කණුමතින් දිවෙන කොන්ක්‍රීට් බාල්කයක් මෙලෙස කඩා වැටෙන්නේ නම් අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව එහි රථ වාහන ධාවනය කිරීම ඉතා අනතුරුදායක බව ප්‍රදේශවාසීහු පවසති.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment