යාපනයේ නිවාස 3කට පෙට්‍රල් බෝම්බ

76

යාපනයේ ස්ථාන තුනක පිහිටි නිවාස තුනකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති අතර එම සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු පොලීසිය විසින් 5 දා අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර අලුයම් කලයේදී එල්ල වී ඇති එම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

එම ප්‍රහාරයෙන් නිවසේ කොටස් කීපයකට ගිණි ඇවිලී ගොස් තිබේ.

ප්‍රහාරය එල්ල කරන ලද්දේ කවර හේතුවක් මතද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරු අනාවරණය වී නොමැති බව අච්චුවේලී පොලීසිය පැවසීය.

මේ අතර අච්චුවේලී පොලිස් බල ප්‍රදේශයේ තවත් නිවාස දෙකකට සවස් කාලයේදීම පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද අච්චුවේලී පොලීසිය සිද්ධියට සම්බන්ධ බව පැවසෙන සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කළ එම නිවෙස් දෙකටම ගල් ප්‍රහාරද එල්ල කොට එම නිවෙස් වල දොර ජනෙල් වීදුරු බිඳ දමා අත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment