මේ සතියත් උණුසුම්- කාලගුණේ කියයි

43

පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය අදින් (05 දා) ඇරඹෙන සතිය තුළත් පවතින බව කාලගුණ විiා දොපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ පබෝදනී කරුණාපාල මහත්මිය “දිවයින”ට පැවසුවාය.

ඊයේ (05 දා) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වවුනියාව හා මොනරාගල යන දිස්ත්‍රික්කවලින් වාර්තා වූ බවත් එම ප්‍රමාණය සෙල්සියස් අංශක 37.2ක් බවත් ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ, ඌව යන පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද, නිරිතදිග මෝසම් වැසි ආරම්භ වූ පසු පවතින අධික උෂ්ණත්වය පහවී යනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment