ඉන්දීය මහ කොමසාරිස් නැඟෙනහිර පළාතේ තෙදින සංචාරයක

39

ඉන්දු ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික සබඳතාවය යටතේ නැඟෙනහිර පළාතේ ඉන්දීය ආධාර යටතේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්ජා මහතා ඉකුත් මැයි 01දා සිට 04දා තෙක් දින තුනක සංචාරයක නිරත විය.

එහිදී මහ කොමසාරිස්වරයා අම්පාර, මඩකළපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ඉන්දීය අනුග්‍රහය මත සිදුකෙරෙන ව්‍යාපෘති 33ක ප්‍රගතිය පිළිබඳව නිරීක්ෂණය කළේය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙම සංචාරයේදී නැඟෙනහිර පළාතේ දිළිඳු පවුල් සියයකට වියළි ආහාර ලබාදීම සඳහා එක්වීමෙන් පසු පවුල් කිහිපයක් සමඟ ඡායාරූපයකට පෙනී සිට අයුරු සහ ත්‍රිකුණාමලයේ ඉදිකළ ඉන්දීයන් ඔයිල් සමාගමේ නව ඉන්ධන පිරවුම්හලක් විවෘත කිරීම සිදුකළ අයුරු ඡායාරූපවල දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment