සෞඛ්‍ය ලොක්කන්ගේ වත්කම් සහ බැංකු ගිණුම් දෙස පොලිස් ඇස

40

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයේ නියුතු ඉහළ නිලධාරීන් රැසකගේ වත්කම්, බැරකම් සහ ඔවුන්ගේ බැංකු ගිණුම් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මේ වනවිට අධිකරණයේ විභාග වන බාල ඖෂධ නඩුවේදී අනාවරණය වන තොරතුරු හා වෘත්තීය, සිවිල් සංවිධාන විසින් එම කොට්ඨාසයට ඉදිරිපත් කළ පැමිණිලි අනුව මෙලෙස පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

2016 වර්ෂයේ සිට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් විශාල පිරිසක් ඖෂධ සමාගම් සමග ඍජුව ගනුදෙනු කර ඇති බවත්, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සහ දූදරුවන් එම ඖෂධ සමාගම් මත යැපෙමින් මාසිකව විශාල ලෙස මුදල් ලබාගෙන ඇති බවටත් තොරතුරු හෙළිවෙමින් ඇතැයි ද වාර්තා වේ.

එසේම පසුගිය සමයේ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂවරයකු සහ එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ඇතැමුන් සමග ගනුදෙනු කළ ඖෂධ සමාගම් රැසක් ව්‍යාජ සමාගම් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධව ද අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment