කෙහෙළියට එරෙහි විශ්වාසභංගය අනිවාර්යයෙන් ගේනවා – විවාදයට දින 3 ක්වත් ඕනෑ – විපක්‍ෂ නායක සජිත් කියයි

62

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අනිවාර්යයෙන් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.

එම විවාදය දිනයක් නොව දින තුනක්වත් පවත්වන ලෙස ඉල්ලා සිටි හෙතෙම එහිදී අද රජයේ රෝහල්වලින් ලබාදෙන බාල ඖෂධ ආදී සියලු කාරණා පිළිබඳව සත්‍ය තත්ත්වය අනාවරණය කළ හැකි බවත් සඳහන් කළේය. මේ දිනවල රජයේ රෝහල්වල ඖෂධ විෂවීම්වලින් සිදුවන මරණ සම්බන්ධයෙන් 27/2 යටතේ විශේෂ ප්‍රකාශයක් ද සිදු කළ විපක්‍ෂ නායකවරයා එහිදී මේ බව කීවේය.

පෙරේදා (17දා) පැවති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය මේ සතියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඒකමතිකව තීරණය කර ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment