අයි. එම්. එෆ්. එක්ක තවම ගිවිසුම් නෑ එකඟතා විතරයි

84

සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

මෙරට ආර්ථිකය නගා සිටුවීම හෝ එම ක්‍රියා සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවම කිසිදු ගිවිසුමක් අත්සන් කර නැතැයිද දෙපාර්ශ්වය අතර මූලික එකඟතාවයක් පමණක් ඇතිවී තිබෙන බවද සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා ආණ්ඩුව වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) කීය.

27 (2) යටතේ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ මෙරට රාජ්‍ය නිලධාරීන් අතර ගිවිසුමක් අත්සන් කර නෑ. නමුත් දෙපාර්ශ්වය අතර එකඟතාවක් පමණක් ඇතිවී තිබෙනවා. අපේ රටේ ආර්ථිකය පහළට වැටිලා. උද්ධමනය වැඩිවෙලා. අපට මේ තත්ත්වයෙන් නැගිටීමට අවශ්‍යයි. ඒකට දකින විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් වැඩසටහනකට යෑම කියන විශ්වාසයයි. දැනට එකඟතාව තිබෙන්නේ වසර හතරක විස්තීරණ ණය පහසුකමක් ලබා ගන්නයි. ඒ සඳහා යම් එකඟතාවයකට පැමිණ තිබෙනවා. ගිවිසුමක් අත්සන් කර නැහැ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment