ධනපති මන්දිර නැත්තට නැතිකළ නෂ්ඨරූප භූමිදෝෂ

628

බෞද්ධ සංස්කෘතිය සමග බුදුදහමින් ඔප වැටුණු අප රටේ වාස්තු විද්‍යාව ආගම, ඇදහිලි, පුජාක්‍රම, ගුප්තවිද්‍යාව, ජ්‍යෙති්‍යාස හා බැඳුණු උතුම් විද්‍යාවකි. එම විද්‍යාවේ උපදෙස් අනුව නිවසක් ඉදිකරනවිට ඉඩමේ හැඩය, ප්‍රේතපාදය, මනුෂ්‍යපාදය, දේවපාදය, බ්‍රහ්ම පාදනය අදියට ගැලපෙන අයුරින් භූම නාග දෝෂ, බහිරදෝෂ, ගිනි කතිර දෝෂ මගහරවා නිර්මාණ ශ්‍රීලීව නිවසක් ඉදිකළ යුතුයි.

වර්තමානයේ අත්තිවාරම පමණක් දමා ඇති මුඩු ඉඩම්ද වැඩ අතරමග නවතා ඇති නිවාසද දක්නට ඇත. එසේ වන්නේ වාස්තු විද්‍යාවේ උගන්වා ඇති අසුමහ දෝෂවලින් බලපාන එක් එක් දෝෂයන් නිසාය. දෙමහල් නිවාසයක් ඉදිකරන විට යට මහලට වඩා උඩුමහල සමව හෝ කුඩාවිය යුතු අතර හැඩ ලක්‍ෂණද වැදගත්වේ. අංග සම්පූර්ණත්වය, මුල්ම කූක්‍ද්ඥය සිටුවීම, ලණු ඇදීමේ සිටම අංග පූර්ණ තිබිය යුතුය. පූර්ණායානු නිවසෙහි වර්ගයෙන් විග්‍රහවිය යුතු ආයතන ඒ තුළ තිබිය යුතුයි.

විශේෂයෙන් නිවසේ අය හා වැය අත්‍යවශ්‍ය අංගයයි. එය උපන් කේන්ද්‍රය අනුව ජ්‍යොතිෂයේ පිහිටලබා සකසා ගත යුතුයි. නිවසේ කුස්සිය නිවසේ අත්තිාවරමට පිටින් සෑදීම වැරදි මතයකි. එයද වැය ශීර්ෂයක් පෙන්වන ප්‍රධාන අංගයකි. එනිසා කුස්සිය වර්ගයටම ඇතුළුවන පරිධි නිවස තුළම ඉදිකළ යුතුයි. නිදන කාමර, කාර්යාල කාමර කෑඹ කාමර සාලය, කුස්සියට වැසිකිළිය, නානකරමාය ලිඳ මිනිසකුගේ පෞරුෂත්වය ඒ ඒ අංශවල අවශ්‍යඨ වර්ගයන් දිශාවන් වැදගත්වේ. ප්‍රදාන දොර, උස පළල දොළළුවහු ජනෙල් ප්‍රමාණය, වහල හැඩය නිවසේ පෞරුෂය පෙන්වයි.

නිවසක උළුවහු කාණ්ඩයකි. ගෙට ඇතුළුවන ප්‍රධාන මංගල උළුවස්ස පිටවන උළුවස්ස (පෑලදොර) ඒවා තබන දිශා හා ශුභ ස්ථානයක් නිසි පාදනපල තැබිය යුතුයි. නිවසේ ඉදිරිපස ප්‍රධාන ඇතුළුවන දොර පියා ලෙසද නැතහොත් වාස්තු පුරුෂයාගේ මුඛය හෙවත් කටද පිටපුස පෑල දොර මව වශයෙන්ද කාමරවයල දොරවල් දරුවන් ලෙසද හැඳින්වේ. ඒවා මුල් උළුවස්ස, බාහිර උළුවස්ස, අභ්‍යන්තර උළුවස්ස වශයෙන් වෙන්කර ඇත. මුල් උළුවස්සෙන් පැවැත්ම, නිරෝගීබව නිවැසියන්ගේ දියුණුව ධන සම්පත් ගෙනදේ. ඉඩමේ හැඩය, සැළැස්මේ හැඩය පිවිසෙන ප්‍රධාන මාර්ගය ගැනද සැළකිය යුතුයි.

මුල් උළුවන්ස කුමන දිශාවක තැබුවත් එහි දෝෂවළ කෙන ලෙස නියම පාදයේ තැබිය යුතුයි. උළුවස්ස තබනවිට කාලවකවානුව, දිනය, නැකත, දිශාව නියම පරිදි මාලිමාවක් තබා තැබිය යුතුයි. (විශේෂයෙන් මෙම කාලයේ එනම් ජනවාරි, පෙබරවාරි, මාර්තු අප්‍රියෙල් දක්වා ඉරපායන්නේ ගිනිකොන දිශාවෙන් බව දැනගන්න)

ප්‍රධාන උළුවස්ස මුදුන් බිත්තියේ හරි මැද මුදුන් යට ලීයටත් උළුවස්ස හරි මැඳටත් එල්ලවන ලෙස තැබීම අශුභයි. ධනහීනවීම, නොලැබීම, නිවස පාළුවීම, දු දරුවන්ගේ විවාහ ප්‍රමාදය හා විවාහ වීමහට කිසිමදායක නොහැකිවීම ලෙඩදුක් කරදර ගෘහාධිපතිට අකල්මරණ ආදී අශූබ පලදේ.

පලදෙකේ නිවස්ප්‍රධාන දොර දික් පැත්තේ කෙලවරවල්වල තැබීම, උළුවස්සේ කණ බිත්තිය තුළට මැද්දීම උළුවහු කඳ බිත්තියට හේත්තුකර ඇල්ලීම උළුවස්සේ යටපාදය නැතිව තැබීම අශුභ පළ ගෙනෙදේ එසේනම් නිවසේ දිග පැත්ත හෝ පළල පැත්ත නවයට බෙදා කොටස් අටේ ශුභ පායේ තැබිය යුතුයි. ජනේලවල කන් ගේ මැදට තැබීම අශුභ බව වාස්තු විද්‍යානීයයි.

ප්‍රධාන උළුවස්ස ජනේලයටම සම්බන්ධ කිරීම දෝෂයි එය පොරෝ තළ හැඩගනී වර්ත මානයේ ඇතුළුවන දොර උළුවස්ස බිම සිටම දෙපසින් ජනේල සවිකර ඇත. ????? වින්ඩෝජනේල එය දෝෂයි මිනීපෙට්ටියක දෙපියන් අරිනවාහා සමනායි. මාරක දේෂයකි. හිසි මාරක, සතුරු කරදර, දිවි නසාගැනීම්, වටපිටා නිවැසියන් සතුරුවීම, තමා විවේචනයට ලක්වීම ධන විනාශය හානිය, පවුලේ අසමගිය, අඹුව හෝ පුරුෂයා අතහැර යාම, ණය බරින් පෙළීම ණය ගෙවා ගැනීමට නොහැකිව සියදිවි හානි කරගැනීම, මානසික ලෙඩ, ශරීර අවයම කපාදැමීමට ආදී සිදුවීම්, පීඩනය ආදී දහසක් දුක්කරදවලට ලක්වේ.

උළුවහු ගිනි කතිරයට අසුවීම මුළුතැන් ගෙයි උළුවස්ස මුල්ලකට හසුවීම නිවසක එක කෙලින් උළුවහු තුනක් තැබීම, හා ප්‍රදාන දොර ළඟ සිට නිවස ඇතුළත බැළීමේදී නිවස ඇතුලේ උළුවහු හේ ආර්ච් අතරින් හෝ පිටත බිත්තියක ඇති ජනේලයකින් හෝ පිටත අවකාශය පෙනීමද ප්‍රධානතම දෝෂයකි. නිවසක පිටත සිට ජනේලයකින් අභ්‍යන්තර හරහා තවත් ජනේලකින් හෝ උළුවස්සක් තුළින් හිස් අවකාශය පෙනීමද දෝෂයි.

නිවසේ පෝරනුව උඩ ජල ටැංකිය, වැසිකිළිය උඩ ජල ටැංකිය තැබීම අශුභවන අතර එය මුදුන් යටලීයට උසින් ඇත්නම් දරුණුවිපත් මූසලකම මුළු නිවැසියන්ටම බලපායි.

මුළුතැන්ගෙය ගිනිකොනටද ජල ටැංකි ලිඳ ඊශාන හෝ උතුරට ඉතාම ශුභයි. වැසිකිලිය නිවසේ බ්‍රහ්මපාදයට, ගිනි කතුර කැපී යන මධ්‍යරේඛාවට අසුවීම, නානකාමර අසුවීම දෝෂයි. උඩ තට්ටුවට නගින පඩිපෙල අවසන්වන්නේ බ්‍රහ්මපාදයෙන්නම් අශුභයි, බිත්ති මුළු කැපීයෑම බේස්වලට අසුවීම අශුභයි තවද භූමිනාග චක්‍රය අනුව පළමු ශකූකීලය පළමු කූක්‍ද්ඥය සිටුවීම දෝෂයි. බහිරවදෝෂ දෝෂයි. ඒවා පෙරසෘෂිවරු මෙසේ කාව්‍ය කරණය කර ඇත.

● උළුවහු තැබීම

මුදුනට නව නැකැත් කිසි වැඩ නැත කියන
යෙදුන කොන් සතර රජුගෙන් බිය වදින
හරිනු පාත තුන මරණය නිසාවන
සාදන උළුවස්ස දොර දෙපිට දොළසින

● භූමනාගයාය ගැන

තුන මුව පෙන සතර යකුගෙන් ගේ පාළුෑ
තුන වාලග මරණ පා සතුරු නඩුළුෑ
දන සැප දකුන සිව් වම සිව් දුප්පත් ළුෑ
ගනු පිටුපස සුබයි දැන ගැන ගනු යා ළුෑ

● ගෙවල් චක්‍රය

මුදුන නව නැකැත් ගින්නේම දන් නේ
දෙතුලේ දෙපිට සය ගේ පාළුවන් නේ
ගේමුල නැකත ගේ හිමියා මැරෙන් නේ
මැද දොලසින් සිරිදි ලාබ වන් නේ

ඉහත පේනවා ඇති භූමි අත්තිවාරම් දෝෂයන්ට ලක්වු රඹුක්කන පළාතේම හිටපු ඇමැතිවරුන්ගේ ඇමතිකම් නැතිකල කුලවංශය නැතිකළ වළව් ධනවාදින්ගේ මහා මන්දිර නැත්තටම නැතිවී දු දරුවකෙුට පවා වාසය කිරීමට නොහැකිව බිමටම සමාතල කල ඒවාද පාළුවට ගිය ඒවාද වර්තමාන පලාත්වාසීන්ගේ නෙත්වලට පෙනෙන්නට ඇති නිසා ඔබත් නිවසක් ඉදිකරනවිට විශේෂයෙන්ම ඉහත දක්වා ඇති වාස්තු විද්‍යා නීතිරීති අනුගමනය කර ඉදිකර ගතහොත් එම නිවස ඔබේ පවුලේ සැමටත් ඔබටත් පරම් පරාවට ලක්ක්‍ෂමී සිරිකත වඩින සෞභාග්‍ය ගෙනදෙන කප්රුකක්වේ.

ඉඳුරුව ගෞරවසම්පත්තිය, ජ්‍යෙතිෂ්‍ය
විද්‍යාජෝති ගුප්තවිද්‍යා කීර්ති
වාස්තු විද්‍යා උපදේශක
සාමනිවිසුරු දේශබන්දු
ජිනදාස එදිරිසිංහ
පොලීසිය අසල රඹුක්කන
දු. අංකය 0770730062

advertistmentadvertistment
advertistmentadvertistment