අතුරුගිරිය මිලේනියම් සිටි නඩුව 21දාට කල්යයි

122

අතුරුගිරිය මිලේනියම් සිටි හි පිහිටි යුද හමුදා ආරක්ෂක නිවාස වටලා රටේ භෞමික අඛණ්ඩතාව සුරැකීමේ මෙහෙවරට උරදී සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන යුද රහස් හෙළි කිරීමේ චෝදනාව යටතේ හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 21 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (6 දා) නියෝග කළේය.

  1. 1. 2 වැනිදා හා 2002. 9. 3 වැනිදා කාලය අතරතුරදී කොළඹ අතුරුගිරිය, මහනුවර හා කටුගස්තොට දී බුද්ධි අංශ නිලධාරීන් භාවිත කළ උපකරණ අත්අඩංගුවට ගෙන ඡායාරූප හා වීඩියෝ ගත කිරීමේ චෝදනාව ද එම විත්තිකරුට එරෙහිව ගොනුකර තිබිණි. ඊයේ (6 දා) එම විත්තිකරු වෙනුවෙන් සාක්ෂිකරුවකු විවෘත අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නේය.
    ඒ. ජේ. ඒ. අබේනායක
advertistmentadvertistment
advertistmentadvertistment