රුපියල උඩ ගොස් රන් මිල පහළ බසී

392

ඇමරිකන් ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත් වීම නිසා හෙට්ටිවීදියේ රත්තරන් මිල පහළ ගොස් ඇත.

පසුගිය සතියේ කැරට් 22 රන් පවුමක් රුපියල් 1,72,000 ක මිලට පැවැතියත් දැන් එය රුපියල් 1,57,500 දක්වා පහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ භාණ්ඩාගාරික ආර් බාලසුබ්‍රමනියම් මහතා පැවැසීය.

කැරට් 24 රන් පවුමක මිල පසුගිය සතියේ 1,85,000 ක්ව පැවැතියත් මේ වනවිට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 15,000 ත් 17,000 ත් අතර මිලකින් පහළ බැස ඇති බව ද ඒ මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment