ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට සජබය ලබාදුන් ජයග්‍රහණයක්

113

කැමති නම් මහ ඡන්දයකට යමු
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුවට අනුව රටේ සමස්ත ජනතාව වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් විශාල ජයග්‍රහණයක් ලබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. හෙතෙම මේබව පැවසූවේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (05දා) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒමහතා මෙසේද පැවසීය.

රංජිත් මද්දුම බණ්ඩාර මහ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද නඩුවට ප්‍රකාරව අපි විශාල ජයක් ලබාගෙන තිබෙනවා. ඒගැන අපි සතුටු වෙනවා.සුප්‍රීම් උසාවියෙන් තීන්දුවක් දීලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශය විසින් විසර්ජන පනත හරහා රජය විසින් අනුමත කරන ලද රුපියල් බිලියන 10.9ක් වන වියදම ඡන්ද කොමසාරිස් කාර්යාලයට ලබානොදීම තහනම් කරමින් ඡන්දයට අවශ්‍ය මුදල් වහාම ලබාදිය යුතුයි කියලා. අපි දන්නවා මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් කතානායකට එවලා තියෙන ලියුමේ ඔහු ඉල්ලා තියෙන්නේ රුපියල් බිලියන 4.3ක් පමණයි. ඉතිරි ගෙවීම් පසුව ගෙවන්න පුළුවන් කියලා තියෙනවා. එම මුදල දිය යුතුයි කියන තැන තමයි අපි නිර්වචනය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේන්. සමගි ජන බලවේගය විතරයි මෙවැනි නඩුවක් හරහා රටේ සමස්ත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජයග්‍රහණය ලබා ගන්න ක්‍රියා කළේ. ඒ නිසා අපි මේක දකින්නේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් ලබාගන්නා ලද විශාල ජයග්‍රහණයක් ලෙසයි. ඒ සඳහා අපේ නීතිඥ මණ්ඩලයට ප්‍රණාමය පුද කරනවා. අපි බලාපොරොත්තු වෙනවා වහාම මේ ඡන්දය පවත්වයි කියලා. දැන් ඡන්දයක් තියෙනවා කියලා දන්නවා. ඒ ඡන්දය තියන්න තමයි සල්ලි දෙන්න කියලා උසාවියෙන් කිව්වෙ.

ජනාධිපතිවරයාම කිව්වා ආණ්ඩුව වෙනස් කරන්න නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕන කියලා. අපි ජනාධිපතිවරයාට කියනවා කරුණා කරලා ඒ පාර්ලිමේන්තු මැතිවරණය අපට දෙන්න. ඔබතුමාට දැන් විසුරුවන්න හැකියාවක් තියෙනවා. ඔබතුමා කියනවා නම් පාරේ සටන් කරන්න ඕන නැහැ කියලා අපිටත් ඕන නැහැ පාර සටන් කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවගේ අභිලාශය ප්‍රකාරව පාර්ලිමේන්තුවට අලු‍ත් කණ්ඩායමක් පත් කර ගන්නත් ජනතාවට ඒ අවස්ථාව දෙන්න.

ඒ වගේම අපිට ආරංචි වෙන විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය ලබා දෙන්න ආසන්න තැනක ඉන්නවා කියලා තමයි අසන්න ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා මේ ගිලෙන රටට අත දෙනව නම් ගිලෙන්නෙ නැතිව ගොඩ ගන්න ඒකට අපිට ස්තුතිවන්ත වෙනවා. හැමදේම දේශපාලන කෝණයකින් බලන්න අපට හැකියාවක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ රට යා යුතුයි කියලා ඉස්සෙල්ලම කිව්වේ අපි. ඒක කිව්වෙ 2020. එතැනදී අපි දැක්කා මේ රටට වෙන්න යන වින්නැහිය. වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රට ආර්ථික අගාධයකට ගමන් කරමින් සිටින බව දැක්කා. 2020 ට වඩා රටේ ප්‍රශ්න සංකීර්ණ වුණේ කියපු වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගියපු ඒකත් අවසානයේ ගියපු දවසක් අතර වෙච්ච ඇබැද්දිය නිසා. එනිසා තමයි රට බංකොලොත් වුණේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන පලියට අපි නටන්න ඕන නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා තාක්ෂණික ලෙවල් එකේ කරන්න ඕන. අපිට පෙන්නන්න පුළුවන් වෙන්න ඕන මෙන්න මේ මේ විකල්ප තියෙනවා කියලා. මේකෙන් කෙලින්ම කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක්ක ගනුදෙනු අවශ්‍යයි. අනිත් අය වගේ අපි පැනලා දුවන්න සූදානම් නැහැ. හැබැයි බදු සම්බන්ධයෙන් අපි එකගනැහැ. හේතුව සෘජුවම කියලා තියෙනවා කවදහරි මේ රටේ ඡන්දයකින් පස්සෙ මේ රජය වෙනස් වෙනවා. අලු‍ත් ආණ්ඩුවක් එනවා එතකොට අපි කියනවා මේක වෙනස් කරනවා.

අපි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය උදුරා ගැනීමට සම්පූර්ණම විරුද්ධයි. මොකද කාටවත් කියන්න බැහැ ආර්ථික වැඩ පිළිබඳ ක්‍රියාත්මක කරන්න ඕන නිසා ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිබඳ අකුලනවා කියලා. ඡන්ද වැඩපිළිවෙළ අකුනවා කියන්න බැහැ. මොකද ඡන්දයයි ප්‍රජාතන්ත්‍රවාදයයි දෙකම එකට යන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී නැතුව ඒකාධිපති හැටියට ප්‍රජාතන්ත්‍රවාදයට මිලටරි ජැක්පොට් එක දාල ආර්ථික හදනවා කියන එක තිරසාර දෙයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් හොඳටම දන්නවා අපි කියන්නේ දැන් සල්ලි දෙනවනම් ඡන්ද තියෙන්නත් පුළුවන්.

මම කතා කරන්නේ දේශපාලන වේදිකාවක මිනිස්සු පිනවන්න කතාවක් නෙමෙයි. අපේ රටට ලෝකයත් එක්ක එකතු වෙන්න තියෙන අවස්ථා අතිශයින් අඩු බව පේනවා. ප්‍රේමදාස මහත්තයාගේ කර්මාන්ත ශාලා එක්ක ඉහළට ගියාට පස්සෙ පහළට පහළට ආවා. අපි වහගෙන තියෙන රටක් සිංගප්පූරුවත් එක්ක වෙළඳ ගිවිසුමක් ගහන කොට ඒව ගිනිතියපු කට්ටිය ඒ අයත් එක්ක අපි කතා කරන්නේ ඉන්දියාවත් එක්ක වෙළඳාමට විරුද්ධ කට්ටියත් එක්ක අපි මේ කතා කරන්නේ.

මුදල් කාරක සභාවේ සභාපති පත් කරන්න සම්ප්‍රදායක් කියනවා. නමුත් වෙලා තියෙන්නෙ විපක්ෂයේ නම යෝජනා කරන කොට ආණ්ඩුව විපක්ෂයේ නමක් යෝජනා කරනවා. මොන විකාරයක්ද ඒක. මයන්ත දිසානායක මන්ත්‍රීතුමා ඉල්ලා අස් වෙලා තියෙනවා. මම මේ රටේ යම් කිසි තැනකට ඇවිල්ල තියෙනව නම් ඒ මගේ තාත්තා නිසා අම්මා නිසා නෙමෙයි. ඒ දෙන්නා රජය සේවකයින් දෙන්නෙක්.අපි මෙතැනට ඇවිල්ලා ඉන්නේ අපේ ශක්තියෙන්. තවදුරටත් මේ පවුල් වාදයත් එක්ක අපට යන්න බැහැ. අපිත් එක්ක පුද්ගලික තරහක් තියෙනවා නම් ඒකට අපට කරන්න දෙයක් නැහැ. අපිට තනතුරු අවශ්‍ය නෑ. මම රෑ එක දෙක වෙනකම් වැඩ කරේ රුපියල් පහක් වත් ලැබිච්ච නිසා නෙමෙයි. සත පහක් දුන්නෙත් නැහැ. ගත්තෙත් නැහැ. වාහන කාර්යාල මොකුත් ලැබුණේ නැහැ. අපිට දෙනවා නම් ඒ වැඩේ ඉස්සරහට කරගෙන යන්න සූදානම්.

advertistmentadvertistment
advertistmentadvertistment