කිලිනොච්චියේ දෙනුරාඡ්ගෙන් ශතකයක්

115

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (21වැනිදා) පැවැති තරගයේදී වවුනියා පිලට එරෙහිව ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට කිලිනොච්චි කණ්ඩායම සමත්විය. මෙය මූලික තරග වටය යටතේ කිලිනොච්චි පිල තරග 3 කදී වාර්තා කරන ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.

අනුරධපුරයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කිලිනොච්චි කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 ට ලකුණු 215 ක් වාර්තා කළ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී වවුනියා කණ්ඩායම පන්දුවාර 47කදී ලකුණු 135 කට සීමා විය. කිලිනොච්චි කණ්ඩායමේ අත්පුත්‍රෂා දෙනුරාජ් පන්දු 92 කදී නොදැවී ලකුණු 100 ක් ලබා ගනිමින් පිත්තෙන් කැපී පෙනුණි. ඊට හයේ පහරක් සහ හතරේ පහර 9 ක්ද ඇතුළත්ව තිබිණ.

කිලිනොච්චි කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 215 යි – (අත්පුත්‍රෂා දෙනුරාජ් 100, කේ. කොබින්ෂන් 29, ටී. අබිරාජ් 12, වී. විතූෂාන් 33/2, ටී, තනෝජන් 37/2, පී, කිශාන්ත් 26/2)

වවුනියාව පන්දුවාර 47 කදී සියලු දෙනා දැවී ලකුණු 135 යි – (වී. විතුෂාන් 11, එස්. වින්ස්ලන් 21, කේ. කිරුසිකන් 54, එස්. කවිශාන් 10, එස්. සුලක්සන් 26/4, ටී, අබිරාජ් 36/3).

advertistmentadvertistment
advertistmentadvertistment