රක්‍ෂණ – ලිට්‍රෝ – හිල්ටන් කොටස් විකුණන්න උපදේශකයෝ පත් කෙරෙති

121

රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස්, කොළඹ හිල්ටන් සහ කොළඹ, ග්‍රෑන්ඩ් හයට්හි රජය සතු කොටස් විකිණීමට අදාළව උපදේශකවරුන් පත් කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව එම රාජ්‍ය ව්‍යවසාය සතු කොටස් අයිතිය පැවරීමට මුදල් අමාත්‍යාංශය විසින් ගනුදෙනුකාර උපදේශකවරුන් පත්කිරීමට නියමිතය.

උනන්දුවක් දක්වන උපදේශන ආයතනවලින් මේ සඳහා යෝජනා කැඳවීමට අද (30 දා) සිට අප්‍රේල් 27 වැනිදා දක්වා කාලයක් ලබා දී ඇත.

සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුළු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය) සහ සී/ස කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (කොළඹ, ග්‍රෑන්ඩ් හයට්) යන ව්‍යවසායන් අතරින් එකකට හෝ වැඩි ගණනකට උපදේශන සේවා සැපයීමට, උපදේශන ආයතනයකට නිදහස තිබේ. තම ප්‍රතිචාර 2023 අප්‍රේල් 27 දින ප.ව 4.00ට පෙර අයදුම්කරුවන් විසින් භාරදිය යුතු වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment