පාතාලය මර්දනයට අලස්ගෙන් එස්.ටී.එෆ්.

427

පාතාල සාමාජිකයින් සහ ඊට අනුබල ලබාදෙන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රමුඛව විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා දැනටමත් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

දකුණු පළාත හා බස්නාහිර පළාත තුළ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. දකුණු පළාතේ සිදු කළ අපරාධ පිළිබඳව පොලිස් භාරයට පත්වූ සැකකරුවකු ලබාදෙන තොරතුරු අනුව පලා යන පාතාල අපරාධ සාමාජිකයින්ගේ සුලමුල දැන් දිගින් දිගටම අනාවරණය වෙන බව ද ටිරාන් අලස් මහතා පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment