පොල්වතුවල සුදුමැසි උවදුර වැස්සත් සමඟ සේදී යාවි – ඇමැති රමේෂ් කියයි

96

සමහර පළාත්වල පිහිටි පොල්වතු ආක්‍රමණය කර සිටින සුදු මැසි උවදුර වර්ෂාවත් සමඟම සේදී යෑමට ඉඩ තිබෙන බව වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා ‘දිවයින’ ට ඊයේ (01දා) පැවසීය.

මෙම සුදු මැස්සා පොල් අතුවල යටි පැත්තේ රැඳී සිටින නිසා හෙලිකොප්ටර් යොදාගෙන ගුවනින් ඊට විකල්ප යෙදීමට නොහැකි යැයි ද ‘දිවයින’ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීවේය.

මෙවැනි කෘමිනාශක උවදුරු පොල්ගස්වලට කලින් කලට බලපාන බව ද මාර්ෂල් 20 ඇට්ටාර වැනි කෘමිනාශක දියර මෙන්ම සබන් මිශ්‍ර වතුර හෝ කොහොඹ කොළ මිශ්‍රණය යොදාගෙන මෙම සුදු මැස්සා පළවාහැරීමට විවිධ ක්‍රමවේද දැනටමත් යොදාගෙන ඇතැයි ඇමැතිවරයා කීවේය.

කෙසේ වෙතත් මෙම පොල්ගස් විනාශකරන සුදුමැස්සා පළවාහැරීමට වර්ෂාව ඉතා වැදගත් වන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම කෘමි උවදුරෙන් පොල්වතු බේරා ගැනීමට අවශ්‍ය උපදෙස් 1928 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment