අත් දෙකක් දුරකථනයට!

2137

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකු සමගි ජන බලවේගයට එක්වීමට සාකච්ඡා පවත්වන බව ‘ශ්‍රීලනිපය’ ට තොරතුරු වාර්තාවී ඇත.

මින් එක් දේශපාලනඥයකු එක්තරා දේශපාලන සංධානයක ප්‍රබල තනතුරක් දරන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ද වන අතර අනෙක් දේශපාලනඥයා සක්‍රීය දේශපාලනයේ නිරත ශ්‍රීලනිප ආසාන සංවිධායක බව එම පක්ෂ ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් මේ දෙදෙනා සමගි ජන බලවේගයට එක්වුවද ඔවුන්ට සජබයේ ආසන සංවිධායක තනතුරු පිරිනොවුණු ඇතැයි ද ඔවුන් වෙනුවට වහාම වෙනත් අය අදාළ තනතුරුවලට පත්කර ගැනීමට ශ්‍රීලනිපය මේ වනවිටත් තීරණය කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment