භාරතීපුරම් නිවසකින් කෝටියකට වැඩි කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

313

රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක් වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 68 ක ප්‍රමාණයක් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කිළිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කේරළ ගංජා තොගය සඟවා තිබූ නිවසේ කාන්තාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිල සුනඛයින් යොදාගෙන සිදුකළ මෙහෙයුමකදී භාරතිපුරම් ප්‍රදේශයේ නිවසක සිවිලිමේ සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මත්ද්‍රව්‍යකරුවන් හා අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා දීප ව්‍යාප්තව සිදු කෙරෙන මෙහෙයුමේ එක් අංගයක් ලෙස පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම මෙහෙයුම දියත් කොට තිබූ අතර මෙහෙයුම මැද එම නිවසේ කේරළ ගංජා සඟවා ඇති බවට පොලිසියට ඔත්තුවක්ද ලැබී තිබූ බව භාරතීපුරම් පොලීසිය ප්‍රකාශ කළේය.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment