ලංකාවේ තිබෙන ලොකුම මොන්ටිසෝරිය පාර්ලිමේන්තුවයි – ඇමැති විදුර වික්‍රමනායක

158

ලංකාවේ තිබෙන ලොකුම මොන්ටිසෝරිය තමයි පාර්ලිමේන්තුව. වාසනාවට හෝ අවාසනාවට හෝ මමත් එහි සාමාජිකයෙක්. අපේ රටේ නම ශ්‍රී ලංකාව කියනවා වෙනුවට කකුළුලන්තය කියලා කියනවානම් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ. අපේ රටේ බහුතරයක් වැඩිහිටියන් කකුළුවෝ වගේ ඇදේට ගිහින් බාල පරපුරට කියනවා ඇදේට නොගිහින් කෙලින් යන්න කියලා. වැඩිහිටියෝ දෙස බලාගෙන තමයි බාල පරපුර හැසිරෙන්නේ. පල්ලිය පංසල ගුණධර්ම අමතක කරලා කවදාවත් රටක් ඉදිරියට ගෙන යා නොහැකි යැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

ජාතික කතෝලික ජනසන්නිවේදන පර්ෂදය සහ ජාතික කතෝලික ලේඛක සංවිධානය විසින් සංවිධානය කළ සාහිත්‍ය තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය 16 වැනිදා කොළඹ කිංසි පාරේ පිහිටි සෙඩෙක් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම සම්මාන ප්‍රදානෝත්සවය අවස්ථාවේ ඇමැතිවරයා මේ බව කීය. ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාත් ගෞරවණීය ආරාධිතයා ලෙස කොළඹ ශාන්ත බෙනඩික් විiාලයේ අධ්‍යක්‍ෂ පුබුදු රාජපක්‍ෂ පියතුමාත් සහභාගි වූහ.

එහිදී උත්සව සභාව ඇමතූ ජාතික කතෝලික ලේඛක සංවිධානයේ සභාපති නෝර්වේ හා පින්ලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා මෙලෙස පැවසීය.

මෙම තරගයට ඉදිරිපත්වූ 475 දෙනාගෙන් සියයට 75 ක්ම කොළඹින් ඉතා දුරබැහැර ප්‍රදේශවල අය. ඉතිහාසය පුරාම අපිට දක්නට ලැබුණ දෙයක් තමයි කතෝලික ලේඛකයන්, රංගන ශිල්පීන්, කලාකරුවන් හා නිර්මාණ ශිල්පීන් මෙරට කලාවට සාහිත්‍යයට සුවිශාල මෙහෙවරක් කර තිබෙන බව. සම්මාන සහතික දිනාගත් මේ දූ දරුවන්ට මේක තම හැකියාවන් වර්ධනය කරගෙන ඉදිරියට යෑමට ලොකු අවස්ථාවක්. ඔබේ ඊළඟ අරමුණ විය යුත්තේ ජාත්‍යන්තරය ජය ගැනීමයි. ඒ සඳහා අපි මගපෙන්වන්න සූදානම්. එහිදී කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා ද ඇමතූහ.

ජාතික කතෝලික ලේඛක සංවිධානයේ ලේකම් විශේෂඥ ශල්‍ය වෛi සචිත්‍ර මෙන්ඩිස් මහතාද අදහස් දැක්වූ එම උත්සව සභාවේ නිවේදන කටයුතු සන්දෝ සත්‍යජිත් පෙරේරා හා සෙව්වන්දි පෙරේරා විසින් සිදුකළ අතර ස්තුති කතාව ප්‍රසාද් සමරතුංග මහතා සිදුකළේය.
ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment