ත්‍රස්ත විරෝධී පනත සම්මත වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි

157

යෝජිත ත්‍රස්ත විරෝධී පනත සම්මත වුවහොත් එය මාධ්‍ය නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම වන බව නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ඊයේ (03 දා) පැවැසීය.

කිසිදු ජනමතයක් නොමැති මෙම ආණ්ඩුවට මෙවැනි පනතක් ගෙනඒමට කිසිම සුජාතභාවයක් නැති බව, නාවල නිදහස් ජනතා සභා ප්‍රධාන කාර්යාලයේ ඊයේ (03 දා) පැවැති මාධ්‍ය හමුවේදී ජී.එල්. පීරිස් මහතා කීවේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

යෝජිත ත්‍රස්ත විරෝධී පනත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා භයානකයි. මෙය නැඟී ආ මහජන මතය විනාශ කිරීමට ආණ්ඩුව ගන්නා උපක්‍රමයක් බව පෙනෙනවා. මෙම යෝජිත පනත සම්මත වුවහොත් එය ජාත්‍යන්තර වශයෙන් ද අපේ රටට අවාසියක්.

මෙම පනතෙන් නීතිපතිවරයාට විශේෂිත බලයක් ආරෝපණය වනවා. ඒ වගේම මේ යෝජිත පනත මගින් ජනාධිපතිවරයාට කිසිදු බලපෑමකින් තොරව යම් සංවිධානයක් තහනම් කිරීමට හෝ සීමා කිරීමට බලය ලැබෙනවා. මෙම පනත සම්මත වුණොත් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා ස්වාධීන කොමිෂන් නොවන තත්ත්වයක් ඇතිවෙනවා.

රජයේ ආයතන විකුණා දැමීමෙන් ලැබෙන අතුරු ප්‍රතිඵල ඉතා භයානකයි. දරාගත නොහැකි ජීවින වියදම හමුවේ ජල බිල්පත් නොගෙවූ පවුල් 80,000 ක ජලය විසන්ධි කර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීම නිසා විදුලි පාරිභෝජනය සියයට 20 කින් අඩුවෙලා. ෂඵත්‍ මුදල් ලබාදෙන්නේ මහජනතාවට සහන සැලසීමටයි. එම මුදල් දේශපාලන ප්‍රතිරූප ගොඩනැඟීමට දෙන්නේ නැහැ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment