ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට තාවකාලික පුහුණුකරුවෝ දෙදෙනෙක්

379

එළැඹෙන සිම්බාබ්වේ තරග සංචාරය ඉලක්ක කර ගනිමින් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා සහ පිතිකරණ පුහුණුකරු ලෙස රුවින් පීරිස් මහතා පත්කර තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (04 වැනිදා) මේ බව සඳහන් කර සිටියේය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් මහතාගේ ධුර කාලය

පසුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් වූ අතර ඔහුගේ ධුර කාලය දීර්ඝ නොකිරිමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තීරණය කර තිබිණි. එ් අනුව පුරප්පාඩු වූ ප‍්‍රධාන පුහුණුකාර ධුරය සඳහා එළැඹෙන සිම්බාබ්වේ තරගාවලියේදී තාවකාලික ප‍්‍රධාන වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කර තිබේ. රත්නායක මහතා මේ වනවිට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථනයේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන අතර එහි පිතිකරණ පුහුණුකරු ලෙස රුවින් පීරිස් මහතා කටයුතු කරමින් සිටී.

රුමේෂ් රත්නායක මහතා මීට පෙරද ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා අයදුම්පත් කැඳවීම පසුගියදා අවසන් වූ අතර එහිදී අදාළ ධුරය සඳහා අයදුම්පත් 30ක් පමණ ලැබී ඇතැයි වාර්තා වේ. එ් අනුව එම අයදුම්පත් සඳහා සම්මුඛ පරික්ෂණ සිදුකිරීමේ වගකීම විශේෂ කමිටුවකට ලබා දී ඇතැයිද එහිදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වැඩිදුරටත් වාර්තා කර සිටී.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment