ආණ්ඩුව කළ යුතුදේ අද විපක්‍ෂයට කරන්න වෙලා

93

කිරිඳිඔය දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුණු, ඇළ වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ නිසා ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්‍ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් බලයක් නොමැති වුවත් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට අදාළ දායකත්වය ලබාදීම සිදුකරන බවත් විපක්‍ෂනායකවරයා පැවැසීය.

ආණ්ඩුව කළ යුතුදේ අද විපක්‍ෂයට කරන්න වෙලා

එමෙන්ම කිරිඳිඔය ව්‍යාපාරය පමණක් නොව මේ රටේ කෘෂිකර්මාන්තය නවීකරණයට ලක්කර නූතන ක්‍රමවේදය හා නවීන තාක්‍ෂණය තුළින් කෘෂිකර්මාන්තය දියුණු කරන බවත් වී සඳහා ස්ථාවර වී මිල සූත්‍රයක් ඇති කර දෙන බවත් විපක්‍ෂ නායකවරයා පැවැසීය.

විපක්‍ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා (3 දා) වසර 40කට පසු සමගි ජනබලවේගයේ මැදිහත්වීමෙන් කිරිඳිඔය ව්‍යාපාරයට අයත් දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඒ අනුව වසර 40 කට පසු කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළේ කිලෝමීටර 26 ක ජලජ පැලෑටි සහ රොන්මඩ ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ආණ්ඩුවට මුදල් නොමැති නිසා 10000 කට වැඩි ගොවි ජනතාවක් වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමද සිදුකරන බවත් විපක්‍ෂ නායකවරයා මෙහිදී පැවැසීය. මේ සඳහා වන ලක්‍ෂ 25 ක මුදලක් පියවරෙන් පියවර ලබාදෙන බවත් පළමු පියවර ලෙස ලක්‍ෂ 10 ක මුදලක් ලබාදුන් බවත් ඉන් අනතුරුව වැඩ කෙරීගෙන යන ආකාරයට එම මුදල් ලබාදෙන බවත් විපක්‍ෂ නායකවරයා පැවැසීය.

අපේ රට කෘෂිකාර්මික රටක් බැවින් රට තුළ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතු බවත් හැකියාවක් ඇත්නම් යල මහ කන්නවලට අමතරව අතුරු කන්නයකටත් යා යුතු බවත් ඒ තුළින් ආහාර වැඩි ලෙස නිෂ්පාදනය කළ හැකි බවත් විපක්‍ෂ නායකවරයා පැවැසීය. එසේම අද රට තුළ ආහාර සුරක්‍ෂිතභාවය නොව ආහාර අනාරක්‍ෂිතභාවයක් ඇතිව තිබෙන බවත් අනාගත ජනාධිපතිවරයා ලෙස තමාගේ පළමු පියවර වන්නේ රටේ වාරි පද්ධති අංගසම්පූර්ණ පුනරුත්ථාපනයකට ලක්කිරීම බවත් පැවැසීය.

මේ සඳහා අවශ්‍ය මුදල් හොයන ආකාරය ගැන කවුරුත් වධ නොවිය යුතු බවත් ජාත්‍යන්තරයේත් ධනපතියන්ගේත් හිත දිනාගෙන විශ්වාසය දිනාගෙන දූෂණයෙන් වංචාවෙන් හොරකමෙන් තොරව රටට වැඩක් කිරීමට අවශ්‍ය මුදල් හොයන ක්‍රමවේදය දන්නා බවත් විපක්‍ෂ නායකවරයා පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment