මාමඩුව වැවේ මඩේ එරී මරණයට අත වැනූ අලි පැටවාට වනජීවිය යළි ජීවිතය දෙයි

219

පැටවා බේරා ගැනීමට නොහැකිව සෙසු අලි රංචුව කෑ මොර දෙමින් අසල වනයේ රැඳී ඉඳලා

බීමට ජලය සොයා ගිය වන අලි පැටවෙකු වවුනියාව මාමඩුව වැව අද්දර මඩ වළක එරී දින කීපයක්ම ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී වනජීවී නිලධාරීන් පිරිසක් විසින් 4 දා මහත් පරිශ්‍රමයක් දරා එම වන අලි පැටවාව බේරා ගෙන තිබේ.

මාමඩුව වැවේ මඩේ එරී මරණයට අත වැනූ අලි පැටවාට වනජීවිය යළි ජීවිතය දෙයි

අවුරුද්දකටත් වඩා අඩු වයස මෙම වන අලි පැටවා වන අලි රංචුවක් සමග දිය බීමට මාමඩුව වැව දෙසට යමින් සිටියදී වැව අද්දර වූ මඩ වළක එරී තිබේ.

සෙසු වන අලි මෙම පැටවා බේරා ගෙන ආපසු යාමට උත්සාහ කළත් එය අසීරු වූ තැන වන අලි රංචුව කෑ මොර දෙමින් වනය අද්දර රැඳී සිට ඇත.

ගවයින් රැගෙන ගිය මාමඩුව ගමේ ගැමියෙකුට මඩේ එරී සිටි වන අලි පැටවා දැක ගැනීමට ලැබී ඇත්තේ දින හයකට පමණ පසුවය.

ඔහු ඒ පිළිබඳ මාමඩුව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය වනජීවී නිලධාරීන් කැඳවා

ගම්වාසීන්ගේද සහය ඇතිව පැය පහක පමණ කාලයක් දැඩි ලෙස මහන්සි වීමෙන් පසුව වන අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment