අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා – සජිත් සහතික වෙයි

80

තමා අනිවාර්යෙන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වසර 40කට පසු කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

රජයේ නියෝජිතයන් පිරිසක් ගොබෙල්ස්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය මවා පාමින් ජනාධිපතිවරණයට රනිල් ඉල්ලනවා නම් සජිත් ඉල්ලන්නේ නැති බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් මවා පාන බවත් මෙම ප්‍රකාශ සිදු කරන්නේ තමා ජනාධිපතිවරණයට ඉල්ලන විට ගෝඨාභය සමග ගිවිසුම් ගසා තමා පරාජය කිරීමට උත්සාහ කළ අය බවත් හෙතෙම පැවසීය.

මේ අයගේ මනස විකෘති වී ඇති බවත් ඔවුන්ට දිය හැකි පිළිතුර විපක්ෂ නායකවරයා ලෙස තමා ජනාධිපතිවරණයට පෙනී සිටීම බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. එවැනි පිරිස් තමා ජනාධිපතිවරණයට පෙනී නොසිටින බවට ප්‍රවෘත්ති පළ කිරීමෙන් තමාගේ ජීවිතය සම්බන්ධයෙන් අවදානමක් ඇති බව පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා කිසිදු අවස්ථාවක මරණයට බියවන නිවටයකු නොවන බවත් ඕනෑම දවසක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් තමා කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමඟ ඩීල් හා ගිවිසුම් දමා නොමැති බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment