නුවරඑළිය රෝහලේදී අක්‍ෂි සැත්කම් කළ දෙදෙනෙක් අන්ධ වෙලා GMOA කියයි

117

පසුගිය අප්‍රේල් මාසයේදී නුවරඑළිය මහ රෝහලේදී සිදුකළ ඇසේ සුද ඉවත්කිරීමේ සැත්කම සඳහා භාවිත කළ ප්‍රෙඩිසිලෝන් දියරය නිසා ඇතිවූ සංකූලතා හේතුවෙන් රෝගීන් දෙදෙනකු පූර්ණ කාලීන අන්ධභාවයට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අප්‍රේල් මාසයේදී රෝගීන් 34 දෙනකු ඇසේ සුද ඉවත්කිරීමේ ශල්‍යකර්මවලට මුහුණ දී ඇති අතර ඉන් 17 දෙනකු සංකූලතා හේතුවෙන් නැවතත් නුවරඑළිය මහ රෝහලේ සායන වෙත පැමිණ ඇතැයි වෛද්‍ය කනිෂ්ක අබේරත්න මහතා පවසයි.

තවත් රෝගීන් 15 දෙනකු මේ වනවිට කොළඹ සහ මහනුවර විශේෂ අක්‍ෂි ඒකකවල ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගේ පෙනීම යථා තත්ත්වයට පත්වේදැයි තමන්ට ස්ථිරව පැවසිය නොහැකි බවත් වෛද්‍යවරයා කියා සිටී.

ඇසේ සුද ඉවත්කිරීමේ සැත්කම් සඳහා භාවිත කළ ප්‍රෙඩිසිලෝන්’ ඖෂධය රජයේ අනුමැතියට යටත්ව ලබා දී ඇති බැවින් ඉන් රෝගීන්ට ඇතිවූ සංකූලතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය සම්පූර්ණ වගකීම දැරිය යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment