උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි – සමත් ප්‍රතිශතය 63.3% ඉක්මවයි

206

උසස් පෙළ (2022) ප්‍රතිඵල ඊයේ (4 දා) සවස නිකුත් විය.

මෙම විභාගය සඳහා පාසල් අයදුම්කරුවෝ 278,196 ක් සහ පෞද්ගලික අයදුම්කරුවෝ 53,513 ක් විභාග මධ්‍යස්ථාන 2200 කදී පෙනී සිටියහ. මෙම විභාගය 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්විණි. නිකුත් වූ ප්‍රතිඵල අතර දිවයිනේ සහ දිස්ත්‍රික් තරාව ඇතුළත්ව ඇත.

ගුරුවරුන් විසින් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියා මාර්ග ඇතුළු විවිධ හේතු නිසා පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමට බාධා එල්ලවී තිබුණි. උසස් පෙළ සිසුන් විභාගයට පෙනී සිට ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාදවීම නිසා විශ්වවිiාල ප්‍රවේශය ඇතුළු උසස් අධ්‍යාපන කටයුතු ද අඩාල වී තිබුණි. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 263,933න් සරසවි වරම් ලැබූ සිසුන් සංඛ්‍යාව 166938කි. සමත් ප්‍රතිශතය 63.3 වන අතර ප්‍රතිඵල අත්හිටවූ සංඛ්‍යාව 84 කි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment