යුක්‍රේනයේ අගනුවර පාවෙමින් තිබූ රුසියානු ඔත්තු බැලුන් බිම හෙළයි

361

යුක්‍රේනයේ අගනුවර වන කිව් නගරයට ඉහළ අහසේ පාවෙමින් තිබූ රුසියාවට අයත් බවට සැක කෙරෙන ඔත්තු බලන බැලුන් 6කින් කිහිපයක් වෙඩි තබා බිම හෙළුෑ බව යුක්‍රේන ගුවන් හමුදාව විසින් නිවේදනය කර තිබේ. මෙසේ වෙඩි තබා බිම හෙළුෑ බැලුන් ගණන ප්‍රකාශයට පත්ව නොතිබුණද උඩු ගුවනේ පාවෙමින් තිබු ඔත්තු බලන බැලුන් 06ක් හඳුනාගත් බව පමණක් යුක්‍රේන ගුවන් හමුදාව විසින් පවසා තිබේ.

සුළඟ සමග පාවෙමින් තිබූ මෙම ඔත්තු බලන බැලුන්වල බුද්ධිමය තොරතුරු එක් රැස් කරන උපකරණ සවි කර තිබෙන්නට ඇති බව සඳහන් කර ඇති යුක්‍රේන ආරක්ෂක අංශ මෙම බැලුන් රුසියාව විසින් යුක්‍රේනයේ ගුවන් යානා නාශක උපකරණ පවතින ස්ථාන හඳුනාගැනීම සඳහා එවන්නට ඇති බව අවධාරණය කර තිබේ. ඉකුත් සතියේද හඳුනා නොගත් යානා කිහිපයක් යුක්‍රේන අගනුවරට ඉහළින් ගමන් කරනු නිරීක්ෂණය වී තිබිණි. මේ අතර රුසියානු හමුදා විසින් ඊයේ (16දා) දිනයේ යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 36ක් එල්ල කර තිබූ අතර ඉන් 16ක් පහර දී බිම හෙළීමට යුක්‍රේන ගුවන් හමුදාව විසින් පියවර ගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment