ඊශ්‍රායල යුද්ධයට ඉරානය ද මැදිහත් වන ලකුණු

2504

ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයට පහර දෙන්නේ නම් හා දැවැන්ත ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරන්නේ නම් ඉරානය ද එයට ප්‍රතිචාර දක්වන බව ඉරාන විදේශ කටයුතු ඇමැති හොසේන් අමිර් අබ්දොල්ලාහියාන් පවසා තිබේ.

මැදපෙරදිග සාම ක්‍රියාවලිය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරක ටෝර් වෙන්නෙස්ලෑන්ඩ් සමග ඉකුත් සෙනසුරාදා (14 දා) ලෙබනනයේ බීරුට් අගනුවර පැවැති සාකච්ඡාවකදී ඉරාන විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ. ගාසා තීරයේ හමාස් අන්තවාදීන් විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහා ඊශ්‍රායලයට සහාය වීමට ද ඉරානය සූදානම් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment