ගෝඨා දුන් සමාව අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගය පෙබරවාරියේ

117

මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ විත්තිකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති පොදු සමාවක් ලබාදීම අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් විභාගය ලබන පෙබරවාරි 07 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16දා) දින නියම කළේය.

සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පාර්ශ්ව තුනක් ගොනු කර තිබූ එම පෙත්සම් පී. පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, ආර්. දුමින්ද සිල්වා යන මහත්වරුන් මෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment