සිරියාවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් 6ක් මරුට

229

සිරියාවේ තිබෙන විශාලතම ඇමරිකානු හමුදා කඳවුර වෙත පෙරේදා (05දා) එල්ල වූ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් හේතුවෙන් එහි සිටි කුර්දී ජාතික සටන්කාමීන් හයදෙනෙකු මිය ගොස් තිබේ. සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ නැගෙනහිර සිරියාවේ ඩෙයිර් අල් සවුර් පළාතේ පිහිටි සිය කමාන්ඩෝ ඇකඩමියට මෙම ඩ්‍රෝන යානා ප්‍රහාරය එල්ල වී ඇති බවත් එම ප්‍රහාරයට ඉරානයේ සහය ලබන අන්තවාදීන් වගකිවයුතු බවයි.

මෙම ඩ්‍රෝන යානා ප්‍රහාරයේ වගකීම ඉරානයේ සහය ලබන ‘මිලිෂියා අම්බ්‍රෙල්ලා’ කණ්ඩායම විසින් භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වුවද අයිසිස් අන්තවාදීන්ට එරෙහිව සටන් වැදීම සඳහා සිරියාවට පැමිණ සිටින ඇමරිකානු හමුදා භටයන්ට මෙම ප්‍රහාරයෙන් හානි සිදු වූවාද යන්න පිළිබඳව නිල වශයෙන් වාර්තා වී නොමැති බව එම මාධ්‍ය සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment