ලෝක ශූරයෝත් වාර්තා තබමින් පරදිති

8694

වත්මන් එක්දින ලෝක ක්‍රිකට් ශූරයන් වන එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග පෙරේදා (21 වැනිදා) පැවති තරගයෙන් වාර්තා තබමින් පරාජයට පත්වූයේ ය.

එහිදී ලකුණු 229 ක දැවැන්ත පරාජයක් එංගලන්තයට අත් වූ අතර මීට පෙර ඔවුන් ලබා තිබූ විශාලතම පරාජය වූයේ ඔස්ටේ්‍රලියාවට එරෙහිව 2022 වසරේදී ලකුණු 221 ක පරාජයකි.

එසේම එංගලන්තය ලද එම පරාජය ටෙස්ට් වරම් හිමි කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ලැබූ දෙවැනි විශාලතම පරාජය වේ. මෙම පරාජයට වඩා දරුණු පරාජයක් 2015 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් දකුණු අප්‍රිකාව හමුවේ ලබා ඇත. ඒ ලකුණු 257 ක පරාජයකි.

මෙවර තරගාවලියේ දී නවසීලන්තය හා ඇෆ්ගනිස්තානය හමුවේද මීට පෙර පරාජය වී සිටි එංගලන්තය මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ නෙදර්ලන්තයට පමණක් ඉහළින් 9 වැනි ස්ථානයේ පසු වේ.

පෙරේදා තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලකුණු 399 ක් ලබා ගත් අතර ලෝක ශූර එංගලන්තයේ සියලු ක්‍රීඩකයෝ පන්දු වාර 22 කදී ලකුණු 170 කට දැවී ගියහ.

ලකුණු සාරාංශය

දකුණු අප්‍රිකාව – ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 399 (රීසා හෙන්ඩි්‍රක්ස් 85, රාසි වැන්ඩර් ඩසන් 60, ඒඩ්න් මාක්‍රම් 42, හෙන්රිච් ක්ලාසන් 109, මාකෝ ජැන්සන් නොදැවී 75, රීස් ටොප්ලි 88/3, ගුස් ඇට්කින්සන් 60/2, ආදිල් රෂීඩ් 61/2) එංගලන්තය – ඕවර 22 කදී සියලු දෙනා දැවී 170 (හැරී බෘක් 17, ගුස් ඇට්කින්සන් 35, මාක් වුඩ් නොදැවී 43, ජෙරල්ඩ් කොයෙට්සර් 35/3, ලුංගි න්ගිඩි 26/2, මාකෝ ජැන්සන් 35/2)

advertistmentadvertistment
advertistmentadvertistment