තරබාරුවට චීන කටු ප්‍රතිකාර

141

සම එල්ලා වැටීමට ලක්වීමත් සමග සම අවපැහැ ගැන්වීම, රැලි වැටීම, කළු පැහැයට ලක්වීම ආදිය සිදුවේ. ඊට අමතරව ඇවිදීමේදී, සිරුර නැවීමේදී, වාඩිවීමේදී අපහසුතා මතුවේ. ලිංගික දුබලතා ඇතිවේ. ඉතා පහසුවෙන් දියවැඩියා රෝගයට ගොදුරු වේ.

අධික තරබාරුව බොහෝදෙනාට කායික සහ මානසික පීඩනයක් බවට පත්ව ඇති රෝගයක් බවට වර්තමානයේ පත්ව තිබේ.

තරබාරුවට චීන කටු ප්‍රතිකාර

තරබාරුවට බලපාන ප්‍රධාන හේතු

යම් පුද්ගලයකුගේ සිරුර අධික ලෙස තරබාරු වීමට බලපාන හේතු අතර ප්‍රධාන තැනක් ගන්නේ මේදය අධික සහ පිෂ්ටය අධික ආහාර වර්ග බහුලව ගැනීමය. එසේම එවැනි ආහාර වර්ග ගෙන ව්‍යායාම වලින් තොර අලස දිවියක් ගතකිරීමය. ඊට අමතරව ඇතැම් පුද්ගලයන් තම පරම්පරාවට අනුව තරබාරුවට පත්වේ. එය ආරෙට යෑමක් ලෙස පවසයි. සිරුරේ ක්‍රියාකාරිත්වයේ ඇතිවන දුර්වලතාවයක් නිසා එක රෝගයක් සඳහා අඛණ්ඩව දිගු කාලයක් ඖෂධ ගැනීම නිසා ද තරබාරුවට පත්වේ.

තරබාරු වූ විට

සිරුර තරබාරුවට පත්වූ විට දෑත් දෙපාවල මාංශ පේශි එල්ලා වැටීමට ලක්වේ. මුහුණේ කම්මුල් සහ බෙල්ල ප්‍රදේශයේ සම එල්ලා වැටේ. උදරය, තට්ටම් ප්‍රදේශය, පියයුරු විශාල වී සම එල්ලා වැටේ.

මෙලෙස සම එල්ලා වැටීමට ලක්වීමත් සමග සම අවපැහැ ගැන්වීම, රැලි වැටීම, කළු පැහැයට ලක්වීම ආදිය සිදුවේ. ඊට අමතරව ඇවිදීමේදී, සිරුර නැවීමේදී, වාඩිවීමේදී අපහසුතා මතුවේ. ලිංගික දුබලතා ඇතිවේ. ඉතා පහසුවෙන් දියවැඩියා රෝගයට ගොදුරු වේ.

චීන කටු ප්‍රතිකාරය

තරබාරුව පාලනය සඳහා චීන කටු ප්‍රතිකාර ක්‍රමයේ ප්‍රතිකාර රැසක් පවතී. එහිදී තරබාරුව පාලනයට පමණක් නොව එල්ලා වැටුණු සම යළි සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට, අවපැහැ ගැන්වුණු සහ කළු පැහැ වූ සම යළි පැහැපත් කිරීමට ද ප්‍රතිකාර පවතී.

මෙහිදී චීන කටු භාවිතය මගින් නිල චිකිත්සාව, නිල සම්බාහනය, නිල උත්තේජනය ආදිය සිදු කරනු ලබයි. ඒ සඳහා විශේෂ උත්තේජන යන්ත්‍ර උපයෝගි කරගනු ලබයි.

සම රැලි වැටීම සහ අවපැහැ ගැන්වීම නැති කිරීම සඳහා රූපලාවන්‍ය උත්තේජන උපකරණ ඇත. අධික ලෙස වර්ධනය වී ඇති මාංශ පේශි නැති කිරීම සඳහා විද්‍යුත් උත්තේජන යන්ත්‍ර භාවිතා කරනු ලබයි.

මෙම ප්‍රතිකාරය දින 10ක් 12ක් පමණ අඛණ්ඩව සිදුකළ යුතුය. එහිදී දිනකට පැය එකහමාරක් පමණ ප්‍රතිකාර කරනු ලැබේ. එම ප්‍රතිකාරයේදී උණුසුම් ආලෝක කිරණ භාවිතයෙන් සිරුර උණුසුම් කිරීම විශේෂිත චීන කටු භාවිතය මගින් නිල උත්තේජනය කිරීම, කර්ණශංඛ ප්‍රතිකාර මගින් ආහාර අධික ලෙස ගැනීමේ ආශාව පාලනය කිරීම ආදිය සිදු කරනු ලබයි. තෙල් වර්ග ආලේප කර ඇඟිලි තුඩු මගින් අදාළ මාංශ පේශි සම්බාහනය කරනු ලබයි.

චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී ඖෂධ වර්ග පෙති හෝ දියර වර්ග පානයට ලබා නොදේ. එනිසා අතුරු ආබාධ ඇති නොවේ. මෙම ප්‍රතිකාර ක්‍රමයේ ඇති විශේෂත්වය වනුයේ බාහිරින් ප්‍රතිකාර ලබාදීම පමණකි.

මෙලෙස සිදු කරන ප්‍රතිකාර වලින් පසු සිරුර සාමාන්‍ය තත්ත්වයට යළි පත්කර ගත හැකිවේ.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0714299777 ඇමැතිය හැකිය.

තරබාරුවට චීන කටු ප්‍රතිකාර

කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ
මාධ්‍ය අධ්‍යක්‍ෂ – වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment