ඉන්දිරා ජයසූරිය ගේ කතාව ‘ආසු’ සිනමාවට – උදාරිට කලින් නිළියො කිහිපදෙනෙක්ම ගත්තා – සංජීව පුෂ්පකුමාර

260

ජෝතිපාල මහත්තයා ගැන චිත්‍රපටයක් කරන්න ආසයි
මම සෝමෙ අයියව අධ්‍යක්‍ෂණය කළා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ දෙවැනි දියණිය වූ මහා පරාර්ථකාමී කැපකිරීමක් කරමින් දිවි ගමන නිමා කළ ඉන්දිරා ජයසූරියගේ ජීවිත කතාවෙන් අනුප්‍රාණය ලබමින් දෙස් විදෙස් චිත්‍රපට උළෙල වලදී ඉහළ ඇගයීම් ලැබූ, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර නිෂ්පාදනය කර අධ්‍යක්‍ෂණය කළ සම නිෂ්පාදනයෙන් අමිල අබේසුන්දර දායක වූ ‘ආසු’ චිත්‍රපටය එළැඹෙන 11 වැනිදා සිට තිරගත කිරීමට නියමිතය. ඉතිං සංජීව සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.

ඉන්දිරා ජයසූරිය ගේ කතාව ‘ආසු’ සිනමාවට - උදාරිට කලින් නිළියො කිහිපදෙනෙක්ම ගත්තා - සංජීව පුෂ්පකුමාර

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය කරනු ලැබූ ආසු, එළැඹෙන 11 වැනිදා සිට තිරගත කිරීමට සූදානම් වෙනවා නේද?

ආසු ඔක්තෝබර් 11 වැනිදා සිට එම් පී අයි සමාගම හරහා තමයි බෙදාහරින්නේ. එතකොට එම් පී අයි සමාගමට අයිති සිනමාශාලා ඇතුළුව සිනමාශාලා ගණනාවකම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

ඉන්දිරා ජයසූරිය ගේ කතාව ‘ආසු’ සිනමාවට - උදාරිට කලින් නිළියො කිහිපදෙනෙක්ම ගත්තා - සංජීව පුෂ්පකුමාර

හිටපු කථානායකගේ දෙවැනි දියණියගේ ජීවිත කතාව පාදක කරගෙනයි ‘ආසු’ නිර්මාණය වෙන්නේ?

මට 2021 දී මැලේසියාවත්, සිංගප්පූරුවත්, ලොස්ඇන්ජලීස් නුවරත් ප්‍රධාන කරගෙන තිබෙන චිත්‍රපට නිෂ්පාදක සමාගමක් විසින් ආරාධනාවක් කළා, ඔවුන්ට මැදි වෘතාන්ත චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න කියලා. ඒක එක්තරා විදිහක ව්‍යාපෘතියක්. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තා ආසියානු කලාපයේ සිනමාකරුවන් විසිදෙනෙක්. ප්‍රධාන වශයෙන් මේකෙ තේමාව වුණේ ආසියානු කලාපයේ මනුෂ්‍ය සමාජයේ තිබෙන සාරධර්ම පදනම් කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ කාර්යය තමයි අපිට පැවරුවේ.

ඉතිං ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාව අපව එක්තරා විදිහකට සසල කරවපු කතාවක්. බොහෝ අය දැනසිටි කතාවක්. නමුත් මට කවදාවත් අදහසක් තිබුණේ නෑ, ඒ කතාව පාදක කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්න. මේ ආරාධනාව ලැබුණට පස්සෙ මම ඒ සඳහා සූදානම් වුණා.

ඉන්දිරා ජයසූරිය ගේ කතාව ‘ආසු’ සිනමාවට - උදාරිට කලින් නිළියො කිහිපදෙනෙක්ම ගත්තා - සංජීව පුෂ්පකුමාර

පිටපත ලිව්වෙත් ඔබම ද?

මම ඊට ගැළපෙන විදිහේ තිර රචනාවක් නිර්මාණය කළා. ඒකට වසරක පමණ කාලයක් ගතවුණා. තිර රචනාවට උපදෙස් ලබා දුන්නෙත් මැලේසියානු තිර රචනා උපදේශකයෙක්. චිත්‍රපටයේ තිර රචනාව සංවර්ධනය කරල සම්පූර්ණයෙන් චිත්‍රපටය රූගත කළා. අවසානයේ මම ඒ සමාගම සමග එකඟතාවකට ආවා, මේ චිත්‍රපටය කරන්න අවසර දෙන්න කියලා. එතැනින් පසුවයි ‘ආසු’ චිත්‍රපටයක් බවට නිර්මාණය වෙන්නේ.

ඉන්දිරා ජයසූරිය ගේ කතාව ‘ආසු’ සිනමාවට - උදාරිට කලින් නිළියො කිහිපදෙනෙක්ම ගත්තා - සංජීව පුෂ්පකුමාර

හිටපු කථානායක කරූ ජයසූරිය මහත්මයා මේ චිත්‍රපටය නරඹලා ඔබට මොනවද කිව්වේ?

ඒ අය ඉතාමත්ම කැමතියි චිත්‍රපටයට. සාමාන්‍යයෙන් තව කෙනකුගේ ජීවිත කතාවක් පදනම් කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කළහම හැම වෙලාවෙම බොහෝ පාර්ශ්වයන්ගෙන් එල්ල වෙන්නේ චෝදනාවන්. එක්කෝ මේ චරිතය හරියට නිරූපණය වුණේ නැහැ. එහෙමත් නැතිනම් මේ චරිතය විකෘති වෙලා තිබෙනවා කියලා චෝදනා තමයි එන්නේ. අපි ඉන්දිරා ජයසූරිය මහත්මියගේ කතාව ගත්තේ, සම්පූර්ණයෙන්ම ඉන්දිරා ජයසූරිය මහත්මියගේ කතාව ප්‍රතිනිර්මාණය කිරීමට නෙමෙයි.

ඇයගේ කතාව පාදක කරගෙන නව්‍ය චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි. එතකොට අපි වැඩිපුරම බැලුවෙ ඉන්දිරා ජයසූරියගේ කතාවේ එන හරයට හා එහි ඇගයුම් වලට හානියක් නොවන ආකාරයට මේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීමටයි. චිත්‍රපටය දැක්කට පස්සෙ කරූ ජයසූරිය මහත්මයා සහ ඔහුගේ වැඩිමහල් දියණිය ලංකා දිසානායක මහත්මිය සතුටට පත්වුණා. ඉන්දිරාගේ ආත්මය මේ චිත්‍රපටය ඇතුළෙ තියෙනවා. ඔවුන් අදටත් චිත්‍රපටය වෙනුවෙන් පෙනී සිටිනවා.

ඉන්දිරා ජයසූරිය ගේ කතාව ‘ආසු’ සිනමාවට - උදාරිට කලින් නිළියො කිහිපදෙනෙක්ම ගත්තා - සංජීව පුෂ්පකුමාර

ඉන්දිරා ජයසූරියගේ චරිතය නිරූපණය කරන්න ඔබ තෝරා ගත්තේ උදාරි වර්ණකුලසූරිය. ඇයි ඒ?

ඒකට ප්‍රධාන කරුණු දෙකක් බලපෑවා. එකක් තමයි අපි මේ චරිතය කරන්න උදාරිට කලින් තෝරා ගත්තේ වෙනත් නිළියන් කිහිපදෙනෙක්. අවස්ථා කිහිපයකදීම අපිට සිද්ධ වුණා කිහිපදෙනෙක්ම අත්හදා බලන්න. එතැනදි වුණ දේ තමයි ඔවුන් රංගන ශිල්පීන් විදියට දක්‍ෂ අය වුණාට ඒ අයට මේ චරිතය නිරූපණය කිරීම සඳහා තිබෙන අපහසුතාවය. අවසානයේ අපි තීරණය කළා උදාරිව ගන්න.

එතකොට උදාරිව ගන්න බලපෑ ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එකක් ඇගේ බාහිර පෙනුම. මේ චරිතය බාහිර වශයෙන් විශාල ලෙස වේෂ නිරූපණයට ලක්වෙනවා. බාහිර ස්වරූපයෙන් වෙනස්වන වෙනස්වීම් ප්‍රේක්‍ෂකයාට විශ්වසනීය ලෙස ගොඩනඟන්න පුළුවන් පෙනුමක් තියෙන්නෙ උදාරිට තමයි.

දෙවැනි එක තමයි මේ චරිතය වෙනුවෙන් අභ්‍යන්තර සම්මතයන් ගොඩක් තිබෙනවා. ඒවා නිරූපණය කරන්න පුළුවන් අධ්‍යක්‍ෂවරයා සමග සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෑ. අධ්‍යක්‍ෂවරයාට ඇහුම්කන් දෙන නිළියක් අපට අවශ්‍ය වුණා. එතැනදී මම උදාරි එක්ක කතා කරනකොට මට තේරුණා එයාට නිළියක් විදියට හොඳ චරිතයක් කරන්න විශාල ආසාවක් හා කැමැත්තක් තිබෙන බව. ඒ හින්දා ඇය ඇහුම්කන් දෙන්න පුරුදුවෙලා තිබුණා. එතකොට මට පුළුවන් වුණා මට අවශ්‍ය දේ ඇය තුළින් උකහා ගන්න. මේ කරුණු මම දැක්ක හින්දයි ‘ආසු’ චිත්‍රපටයේ නෙළුම්ගේ චරිතයට උදාරිව තේරා ගත්තේ. මම හිතනවා මගේ බලාපොරොත්තුව සාර්ථක වුණා කියලා.

ඉන්දිරා ජයසූරිය ගේ කතාව ‘ආසු’ සිනමාවට - උදාරිට කලින් නිළියො කිහිපදෙනෙක්ම ගත්තා - සංජීව පුෂ්පකුමාර

සෙසු චරිත තෝරා ගැනීම් සිදු කළේ කොහොමද?

සිතාරා දක්‍ෂ නිළියක්. එතකොට මට ඕනෑ වුණා ඇයගෙන් වැඩක් ගන්න. මම ඇයව ගත්ත එක හේතුවක් වුණේ, මට ඇයත් සමග වැඩ කරන්න ඕනෑ වුණා මගේ ඊළඟ චිත්‍රපටය වන විහඟ ප්‍රේමයට. එතකොට මට ඇය එක්ක වැඩ කරන්න ඇයගේ ස්වභාවයන් දැනගන්න ඕනෑ වුණා. ඇය ඊළඟට නෙළුම්ගේ නැඟණියට තිබුණ බාහිර සහ අභ්‍යන්තර විශ්වසනීයත්වය ඇයගේ චරිතය තුළ තිබුණා. ඊළඟට මේ චිත්‍රපටය ඇතුළෙ ප්‍රධාන චරිතයක් රඟපානවා සෝමරත්න දිසානායක මහත්මයා.

ඔහු මම හිතන්නේ මීට කලින් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ චිත්‍රපට කිහිපයකම රඟපාල තිබෙනවා. අහසින් පොළොවට සහ මඩොල්දූවේ. ඊට පස්සෙ දශක ගණනාවකට පසුව තමයි චිත්‍රපටයක රඟපාන්නේ. ඔහු ඉතා හොඳින් වෛiවරයාගේ චරිතය නිරූපණය කළා.

ඉන්දිරා ජයසූරිය ගේ කතාව ‘ආසු’ සිනමාවට - උදාරිට කලින් නිළියො කිහිපදෙනෙක්ම ගත්තා - සංජීව පුෂ්පකුමාර

සෝමරත්න දිසානායකයන් සංජීව අධ්‍යක්‍ෂණය කරනවා?

ඔව් මේකත් ඉතාම වටිනා අවස්ථාවක්. සෝමරත්න දිසානායක කියන්නේ අපේ රටේ ඉන්න වාණිජ වශයෙන් වඩාත්ම සාර්ථක නිර්මාණකරුවා සහ ඔහුට අධ්‍යක්‍ෂවරයෙක් විදිහට හොඳ පෞරුෂයක් තිබෙනවා. හැබැයි ඔහු මේ චරිතය කරන්න ආවට පස්සෙ ඔහු තේරුම් ගත්තා ඔහුගේ චිත්‍රපටයේ ස්වභාවය සහ මේ චිත්‍රපටයේ ස්වභාවය වෙනස් කියලා. මේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වෙනස්. ඒ නිසා මේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාට අවශ්‍ය කරන දෙය තමයි ඔහු ලබාදිය යුත්තේ කියලා ඔහු හොඳින් තේරුම් ගත්තා.

ඔබට අවශ්‍ය දෙය සෝමෙ අයියගෙන් ගන්න පුළුවන් වුණා?

ඔව් ඔව් එයා මට උගන්වන්නවත්, මම එයාට උගන්වන්නවත් ගියේ නැහැ. සෝමරත්න දිසානායක මහත්මයා තේරුම් ගත්තා මේ චරිතය මොකක්ද කියලා. මේ චරිතය අධ්‍යක්‍ෂණය කරනු ලබන පුද්ගලයා විදිහට මට අවශ්‍ය දේ මොකක්ද කියලා. ඒ අනුව ඔහු ඔහුගේ දායකත්වය ලබා දුන්නා. ඇත්තටම ඒක ඉතාම රමණීය අවස්ථාවක්.

මේ වගේ කතාවකට අත තියන කොට ඔබට බය හිතුනේ නැතිද? ඔබට චෝදනා එල්ල වෙයිද? විචාර වලින් විවේචනය කරයි ද කියලා?

ඇත්තටම එහෙම බයක් ආවෙ නැහැ. මට කොහොමත් මීට කලින් ජෝතිපාල මහත්මයා ගැන චිත්‍රපටයක් කරන්න ආසාවක් තිබුණා. මේ චිත්‍රපටය මගේ අනෙක් චිත්‍රපට වන දැවෙන විහඟුන්, ඉගිලෙන මාළුවෝ, විහඟ ප්‍රේමය වගේ චිත්‍රපටවල එන කතා සන්දර්භයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් චිත්‍රපටයක්. මේක සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. සත්‍ය කතාවක්. මම ඒ චරිතය ඉතා හොඳින් අවබෝධ කරගෙන තිබුණා. ඉතා හොඳින් තිර රචනාව නිර්මාණය කළා. තිර රචනාව ලිව්වෙ මමයි මගේ බිරිඳයි. කොරෝනා කාලයේ මුල්ම අවධියේ තමයි මේ තිර රචනාව ලියන්න පටන් ගත්තේ. නමුත් අපිට තිබුණා වගකීමක්.

ජෝතිපාල මහත්තයාගේ කතාව සිනමාවට නඟන්න තිබුණ ආසාව හිතින් අත්හැරියාද?

නැහැ. නැහැ තවමත් කරන්න ආසාවෙන් ඉන්න චිත්‍රපටයක්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ, ඒ වගේ චිත්‍රපටයක් කරනවා නම් ලක්‍ෂ තුන් හාරසියයකින් කරන්න බැහැනේ. අද කාලෙ ඒ වගේ චිත්‍රපටයක් කරන්න ලක්‍ෂ දාහක වගේ මුදලක් වැය වෙනවා. ඉතිං එහෙම කරන්න ආයෝජකයෙක් හිටියොත් මම ඒ චිත්‍රපටය කරන්න කැමතියි.

චිත්‍රපට කරන එක දැන් වෙනකොට වැඩක් නැහැ කියල ගොඩක්දෙනෙක් කියනවා. මොකද ඒ ගැන හිතන්නේ?

සිනමා ශාලා ඉතා සීමිත ප්‍රමාණයයි තියෙන්නේ. එතකොට මේ සීමිත ප්‍රමාණයත් කණ්ඩායම් කිහිපයකට තමයි අයිති වෙන්නේ. එතකොට ඒ කණ්ඩායම් අතරත් තියෙන්නෙ ඉතාමත් පුද්ගලික තරගකාරීත්වයක්. ඉතිං තරගකාරී සමාජයක ඕක සාමාන්‍ය තත්ත්වයක්. ඉතිං ඒ අතරෙ අපිත් අපහසුවෙන් වැඩ කරගෙන යනවා. දැන් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න හදනකොටත් ඒකට විරුද්ධව කටයුතු කරන අයත් ඉන්නවා. ඊළඟට ඒක ප්‍රදර්ශනය කරන කොට ඒක නවත්වන්න යන අයත් ඉන්නවා. පොඩි රටක සිද්ධවෙන්න පුළුවන් දේවල් ඔක්කොම තියෙනවා.

ආසු තිරගත කිරීම වළක්වන්න හදන අයත් ඉන්නවාද?

විවිධ ගැටලු නැත්තේ නැහැ. නමුත් ඒ ගැටලු තිබෙන බවත්, ප්‍රශ්න තිබෙන බවත් කියලා සමාවට කරුණු විදියට ඒව අපිට පාවිච්චි කරන්න බැහැනේ. අපි නිර්මාණකරුවො විදිහට නිර්මාණ කරන්න එපායැ. ඒව ප්‍රදර්ශනය කරන්නත් ඕනෑ. ඒක අපේ වගකීම. මම හැම වෙලාවෙම මේක ඍණාත්මකව බලන්න ලෑස්ති නැහැ

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment