ඒ දවස්වල පාරවල්වල ප්‍රමෝෂන් නැටුවා – ඔක්කොම වැඩ නවත්වල දේවාලයක් දාගමු බං කියල යාළුවො කියනවා – ‘කොඩිගහ යට’ කපු මහත්තයා – ජෙනට් ඇන්තනී

178

හෙඩ්ගියර් එකයි පිටපතයි බෑග් එකේ වරදින්නෙ නෑ…
මගේ ආදර කතාවට අවුරුදු දහයයි

කොඩිගහ යට සුනිල් එහෙමත් නැතිනම් දේවාලෙ කපු මහත්තයා මේ දවස්වල හරි ජනප්‍රිය චරිතයක්. ඔය අතරෙ ‘සර්කස්කාරයෝ’ හි මෙල්වින්, ‘මේක තමයි ජීවිතේ’ හි භාතිය, ‘ඇතුළුවීම තහනම්’ හි සාගර යන පුංචි තිරයේ අප හද දිනූ චරිත රැසකින් ඔබ හමුවට එන ඔහු, නව පරපුරේ දක්‍ෂ නළුවෙක් වන ජෙනට් ඇන්තනී. ඉතිං මේ වේලාවෙ ජෙනට් එක්ක කතා නොකළොත් ලොකු අඩුවක් කියල අපිට හිතුණා. ඒ හින්දම ජෙනට් ට මේ ඉඩකඩ වෙන්කළා.

● ජෙනට් මේ දවස්වල අතිශය කාර්යබහුල නළුවෙක් වෙලා?

මේ දවස්වල වැඩ ටිකක් තිබෙනවා. ඒ ගැන තියෙන්නෙ ලොකු සතුටක්. කොඩිගහ යට, සර්කස්කාරයා්, ඇතුළුවීම තහනම්, මේක තමයි ජීවිතේ වැනි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා. ඒ නිසා වේදිකාවට තිබෙන කාලය පොඩ්ඩක් අඩුවෙලා.

ඒ දවස්වල පාරවල්වල ප්‍රමෝෂන් නැටුවා - ඔක්කොම වැඩ නවත්වල දේවාලයක් දාගමු බං කියල යාළුවො කියනවා - ‘කොඩිගහ යට’ කපු මහත්තයා - ජෙනට් ඇන්තනී

● කොඩිගහ යට කපු මහත්තයා ගැන රසිකයො මොනවද කියන්නේ?

හුඟාක් හොඳ ප්‍රතිචාර දෙවිදිහකට ලැබෙනවා. මොකද හිරේ හිටපු සුනිල් වගේම දේවාලෙ කපු මහත්තයා අතර ලොකු වෙනසක් තිබෙනවා කියල රසිකයො කතාබහ වෙනවා. ඉතිං මම ඒ චරිත දෙකටම ආදරෙයි. මේ වෙලාවෙ ජගත් මනුවර්ණ අධ්‍යක්‍ෂවරයාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

● ‘දෙවියො උඹලත් එක්ක ඉන්නවා පුතේ’ වගේ දෙබස් පිටපතේ තිබුණ ඒවාම ද?

ඒක ඇත්තටම පිටපතේ තිබුණ එකක් තමයි.

● පාරතොටේදී කපු මහත්තයාට මොනවද කියනනේ?

පාරතොටේ යනකොට ගොඩක් දෙනෙක් අහන්නෙ වැඩක් කරගන්න බැරිද කියල. අපේ ගෙදර පොඩි කොඩිවිනයක් තියෙනවා, කපාගන්න බැරිද කියලත් අහනවා. ඇත්තටම හොඳ ප්‍රතිචාර තිබෙනවා.

ඒ දවස්වල පාරවල්වල ප්‍රමෝෂන් නැටුවා - ඔක්කොම වැඩ නවත්වල දේවාලයක් දාගමු බං කියල යාළුවො කියනවා - ‘කොඩිගහ යට’ කපු මහත්තයා - ජෙනට් ඇන්තනී

ෂූටින් යන කාලෙ හිතුවාද මේ චරිතය මේ තරම් හිට්වෙයි කියලා?

එහෙම හිතාගෙන කරපු වැඩක් නෙමෙයි. ඒක කළේ අධ්‍යයනයකින් යුතුව. මොකද දැන් ස්තෝත්‍ර එහෙම කියන්න ඕනෑ හින්ද ඒවා ඇත්තටම කියන්න එපායැ. ඉතිං මම අපේ අම්මගේ

දැන හැඳුනුම්කමක් මත කරගම්පිටිය පන්සලේ උදය කුමාර කියන කපු මහත්තයා ළඟට ගිහිල්ල දවස් දෙකක් පුහුණුවීම් ලබා ගත්තා.

ඇත්තටම දේවාලයකටත් යන්න වුණා?

මම අධ්‍යක්‍ෂවරයාගෙන් ඇහැව්වහම ඔහු කිව්වා ඒක ඉතාමත්ම හොඳයි කියලත්. මම කපු මහත්තයෙක්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනයක් ලබාගෙනයි ඒ වැඩේ කළේ?

● යාළුවො මොකද කියන්නේ?

යාළුවො කියනවා මචං ඔක්කොම වැඩ නවත්තල කොහෙට හරි ගිහිල්ල දේවාලයක් දාගමු කියලා.

● ජෙනට් මෙතැනට එන්න මාර කට්ටක් කාපු කොල්ලෙක්?

ඔව්. ආපස්සට හැරිල බැලුවහම මට වැඩිය මගේ අම්මටයි තාත්තටයි ලොකු සතුටක් තියේවි. මම හිතන්නෙ ඒ දෙන්නගෙන් ලැබුණු සහයෝගය හින්දයි මම අද මෙතැන ඉන්නේ. නාට්‍ය කරන කාලෙ ඉඳල අපිට අවස්ථාවක් ලැබුණෙ නැහැ. හැබැයි අපි වේදිකාව අතහැරියෙ නැහැ. වේදිකාවත් එක්ක එල්ලිලා හිටිය එක කට්ටක් කියනවාට වැඩිය සුන්දර කාලයක් කියලයි කියන්න ඕනෑ. අපි ඒ කාලෙ උපරිම ඉගෙන ගත්තා.

● නළුවෙක් වෙන්න ආපු ගමනෙදි පාරවල්වල චාටර් කාපු අවස්ථාත් ඇති?

ඔව්. ඒ දවස්වල පාරවල්වල ප්‍රමෝෂන්වලට නැටුවා. ඉස්සර පුහුණුවීම් වලට යනකොට බෑග් එකේ දාගෙන යනවා, ක්‍රිකට් ගහන්න යනකොට දාන හෙඩ්ගියර් එකක්.

● ඒ මොකටද?

ඒ කියන්නෙ දෙහිවල පැත්තට කවුරුහරි එනවා නම් ඒ බයික් එකේ හෙඩ්ගියර් එකත් දාගෙන එල්ලිලා එන්න පුළුවන්නේ. ඒ කාලෙ බෑග් එකේ පිටපතයි, හෙඩ්ගියර් එකයි වරදින්නෙ නැහැ.

ක්‍රිකට් ක්‍රීඩාවටත් දක්‍ෂයි නේද?

ඔව්. ක්‍රිකට් ක්‍රීඩාවට දක්‍ෂයි. මට තේරුණා ඒ වැඩේ හරියන්නෙ නැහැ කියලා. මොකද ක්‍රිකට් ගහනකොට මැටිං එහෙම උස්සන්න වෙනවානේ. මම ඒකට ටිකක් අකමැතියි. මම ඉස්කෝලෙ ගියේ දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට. ඉස්කෝලෙ ක්‍රිකට් කණ්ඩායමේ හිටියා.

ජෙනට්ගේ ආදර කතාවත් හරි පරණයි?

ඔව් අපේ ආදර සම්බන්ධතාවට අවුරුදු දහයක් වෙනවා. මට ඇයව හම්බවෙන්නේ පාසලේදී. ටෙලි නාට්‍යවලට එන්නත් කලින් එයා මා ගැන දන්නවා. අද වෙනකොට ඇයට හරි සතුටුයි මම ඉන්න තැන ගැන. මම කියන්නෙ නැහැ, මම මහ ලොකු තැනක ඉන්නවා කියලා. මම යන පාරට එයා කැමතියි. මගේ ජීවිතයේ ගොඩක් ඉන්නෙ යාළුවො විතරයි. මම එකතු කරගත්තෙ යාළුවො විතරයි. ඒ නිසා මම යන ගමන ගැන මගේ යාළුවන්ට ලොකු සතුටක් තිබෙනවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment