රාජ සභාවේ පුරෝහිතගේ දුව කොඩිගහ යට

263

නිපුනි කථිකාචාර්යවරියක්
ගිය වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය

මේ දිනවල සති අන්තයේ රාත්‍රි 8.30ට ෂඔභ නාලිකාව ඔස්සේ විකාශනය වන “කොඩිගහ යට” ටෙලි නාට්‍යයේ ‘හේමමාලිගේ. චරිතයෙන් ඔබ හමුවට එන” 2022 රාජ්‍ය නාට්‍ය උළෙලේදී අශෝක හඳගමගේ ගේ “ඇන්ටික් කඩයක මරණයක්” වේදිකා නාට්‍යයේ හොඳම නිළිය වන්නට වාසනාවන්ත වූ” සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරියක් වන ඉතා සුහදශීලී” දක්ෂ” තරුණියක් තමයි නිපුනි ශාරදා පතිරගේ කියන්නේ. නිපුනිගේ ආදරණීය රසිකයින් වෙනුවෙන් ඇයගේ තොරතුරු ඇගෙන්ම අසා දැනගන්නට මෙවර “මීවිත” නිපුනිට කතා කළා.

රාජ සභාවේ පුරෝහිතගේ දුව කොඩිගහ යට

● නිපුනි මේ දවස්වල මොකද කරන්නේ?

මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව මේ දවස්වල මගේ පශ්චාත් උපාධියේ වැඩ කටයුතු කරමින් ඉන්නවා.

● පවුලේ විස්තර මතක් කළොත්?

මම” අම්මා” තාත්තා සහ මල්ලි තමයි පවුලේ ඉන්නේ. මගේ තාත්තත් රංගන ශිල්පියෙක්. ඔහුගේ නම මහින්ද පතිරගේ. රාජ සභාවේ පුරෝහිත කිව්වමත් හැමෝම දන්නවා. අම්මා කුමුදිනී ගුණවර්ධන. ඇය ගුවන් විදුලියේ” රජරට සේවයේ හිටපු නිවේදිකාවක් සහ නිෂ්පාදකවරියක්. මල්ලි නඳුන් නිසංක පතිරගේ. ඔහු ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණ ශිල්පියෙක්.

රාජ සභාවේ පුරෝහිතගේ දුව කොඩිගහ යට

● පාසල?

මම පාසල් ගියේ” අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයට. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ.

● නිපුනි 2022 රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නිළිය සම්මානයට පාත්‍ර වුණා නේද?

ඔව්. මම ගිය අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී අශෝක හඳගමගේ ගේ “ඇන්ටික් කඩයක මරණයක්” වේදිකා නාට්‍යයේ හොඳම නිළිය සම්මානය දිනා ගන්නට වාසනාවන්ත වුණා. ඊට අමතරව මම විශ්වවිද්‍යාලයේ නාට්‍ය කීපයකම ඉඳලා තියෙනවා සහ සම්මානත් අරගෙන තියෙනවා. ඒ වගේම ඔස්ටේ්‍රලියාවේ චරදාමජඑසදබ එකකත් මම දැනට වැඩ කරනවා.

● “කොඩිගහ යට” ටෙලි නාට්‍යයේ “හේමමාලිගේ” චරිතය ලැබුණේ කොහොමද?

ජගත් අයියා කොහොමත් ඉස්සර ඉඳලම මාව දන්නවා” වේදිකා නාට්‍ය බලන්න ඇවිල්ලා. රාජ්‍ය නාට්‍ය උළෙල” යෞවන සම්මාන නාට්‍යවලට මම ඉදිරිපත්වෙලා තියෙන නිසා සහ ඒවත් එක්ක ඒ ඇඳුනුම්කම තියෙනවා. ඒ අනුව තමයි ඉතින් මට ආරාධනා කළේ හේමමාලිගෙ චරිතය කරන්න කියලා.

● මීට පෙර නිපුනි රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය මොනවද?

මෑතකදී නම් “කූඹියෝ” ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඒ වගේම ජයලත් මනෝරත්නයන්ගේ

“සමනලී” ටෙලිනාට්‍යයේත්” අශෝක හඳගමගේ ගේ “සින්තටික් සිහිනය” කියන ටෙලිනාට්‍යයේත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.

● වේදිකා නාට්‍යයෙන්”ටෙලි නාට්‍යට එද්දී ඒ ලබපු අත්දැකීම කොහොමද?

වේදිකා නාට්‍යවල නම් අපිට පෙර පුහුණුවීම් කරලා ඉගෙනගන්න පුලුවන්. නමුත් සිනමාව හෝ ටෙලි නාට්‍යවල වගේ කැමරාව ඉදිරියේ කරන රංගනය අපට ඒ මොහොතේ තමයි රඟපාන්න පුළුවන්කම තියෙන්නෙ. ඒක විශේෂ අත්දැකීමක් වුණා. ඒ වගේම එතන ශිල්පීන් ගණනාවක් ඉඳීම තවත් අත්දැකීමක්. ඒ අයත් එක්ක වගේම විශේෂයෙන්ම කනිෂ්කගේ

සහය මට නිරන්තරයෙන් ලැබුණා. අපි ඒ ගැන කතාත් වුණා. මොකද මේ ගැන ශාස්ත්‍රීයව ඉගෙන ගනිපු අය ඉන්න නිසා හැම වෙලාවෙම සංවාදයක් ඒ සෙට් එක ඇතුළෙ තිබුණා. ගොඩක් ිජරසචඑ එකේ නැති” ඒ වෙලාවේ හදලා කරපු ක්ෂණික නිරූපණ අවස්ථාත් තියෙනවා. ඒවා මට හොඳ අත්දැකීම් වුණා.

● ඔබ වෘත්තියෙන් කථිකාචාර්යවරියක්නේ. රංගන ක්ෂේත්‍රයේ දිගටම රැඳෙන්න බලාපොරොත්තු වෙනවද?

රංගනයේ ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊටත් වඩා මම කැමතියි ඒක ඉගෙන ගන්න සහ උගන්වන්න. වේදිකා නාට්‍ය හෝ සිනමාවත් එක්ක තමයි අපි ඉගෙන ගත්ත දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ අනුව මම ඒක කරන්නෙ නැතුව වෘත්තියමය රංගන ශිල්පිණියක් වීමට තාම බලාපොරොත්තුවක් නැහැ. හැබැයි එහෙම බලාපොරොත්තුවක් නැත්තෙත් නැහැ. මම ගොඩක් කැමති වේදිකා නාට්‍ය කියන ක්ෂේත්‍රයේ ඉන්න” මොකද මම අධ්‍යයනය කරන සහ හදාරන ක්ෂේත්‍රය නිසා.

● වෙනත් නිර්මාණවලට ආරාධනාවක් ලැබුණද?

දැනට කෙටි චිත්‍රපටවලට නම් ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් මම ඒවා භාර ගන්නේ නැහැ. හේතුව තමයි මගේ වෘත්තියත් එක්ක ඒවායේ නියැළෙන්න ටිකක් අපහසුයි. ඒ නිසා තෝරාගත් කිහිපයකට තමයි සම්බන්ධ වෙන්නේ.

● ගෙදරින් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

අපේ ගෙදර ඒ පිළිබඳ සාකච්ඡා තියෙනවා. විවේචන තමයි වැඩිපුරම තියෙන්නේ. මෙතන මෙහෙම වුණානම් හොඳයි” මේ ටික හොඳයි. ඒ වගේ දේවල් නිතරම සාකච්ඡා කරනවා. ඕනෑම චරිතයකට මම සූදානම් වෙද්දී ගෙදර අයත් එක්ක කතා කරනවා. තාත්තාට විතරක් නෙවෙයි අම්මාටත් ඒ පිළිබඳව හොඳ දැනීමක් සහ හැදෑරීමක් තියෙනවා. ඒ නිසා ඒ අත්දැකීම් මාත් එක්ක බෙදාගන්නවා. මගේ තියෙන අඩුපාඩු පෙන්නලා දීලා නිතරම ශක්තියක් වෙන්නේ එයාලා තමයි.

● නිපුනි ආදරවන්තියක් ද ?

දන්නෙ නැහැ.

● ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මගේ පශ්චාත් උපාධිය ඉක්මනින් නිමා කරන්න වගේම නිර්මාණශීලී පර්යේෂිකාවක් වෙන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment