බාහිරව පූජාව නිසි ලෙස තබා දෝෂ ඉවත්කර ගන්න

119

බහිරව පූජාවක් තැබීමට අදහස් කරන ඔබ විසින් මෙම කරුණු දැනගෙන සිටීමෙන් ඔබව රවටා ගෙන යම්තම් පූජාවක් තබා බහිරව පූජාව ලෙස පෙන්වා දීමෙන් ඔබව මුලා කළ නොහැකි වෙයි. බහිරව පූජාව තැබීමේ මූලික අරමුණ වන්නේ ඔබ අලුතින් සාදන නිවස ඉදිකරන භූමියේ ඇති බහිරව දෝෂ ඉවත්කර ගැනීමයි. නැතිනම් වෙළෙඳාම් ව්‍යාපාර ස්ථානයක් ඉදිකරනා තැන භූමියට බහිරව පූජාවක් තබා දෝෂ ඉවත්කර ආරක්ෂා කර ගැනීමයි. එසේ නැතිනම් ඔබ පදිංචි වෙලා ඉන්නා පැරණි නිවසේ ඉන්නා ගමන් බහිරව පූජාවක් තැබීමට අදහස් කිරීමයි.

ඔබට ලැබෙන මුදල් ධනය ඉතිරියක් නැතිවිට නිතරම සිහි කරන්නේ බහිරවයින්වත් අරගෙන යනවා ද දන්නෑ… කොපමණ හම්බ කළත් ඉතිරියක් නොමැතිකම නිසා ඔබට නොයෙක් සිතුවිලි පහළ වෙයි.

බහිරව පූජාවක් තබනවිට ඔබ මේ කරුණු ගැන දැනුවත් වන්න. බහිරව පූජාවේ දී ඊශ්වර දෙවියන්ට ප්‍රධාන තැනක් දී කළ යුතුයි. බහිරව පූජාවක් තබන සෑමවිට ම ඊශ්වර දෙවි සිහිකරලා පහනක් වෙන් කළ යුතුයි. බහිරයන් වහන්සේලා මෙන්ම ආකාල හා පාතාල යන බහිරවයන් දෙපළක් ද වෙයි. එවිට දශ බහිරවයින්ව සිහිකර දෝෂ යැවීම කළ යුතුය.

තවද විශේෂම දේ නම් ඔබ පදිංචි භූමිය අප නීතියෙන් වෙන්කර ගත්තත් මහ පොළොව අපි මරණයට පත් උනාම රැගෙන යන්නේ නැති බැවින්, මේ කරුණු විශේෂයෙන්ම මතක තබා ගන්න. එනම් පොළොව අයති වාසිකම් ගැන අප කතා කළත් පොළෝ මහි කාන්තාව මේ මිහිකත භාරව ඉන්නා පොළෝ මහිකාන්තාවට පහනක් දල්වා ඉන්නා භූමිය හතර කොණ, අටකොණ නිදහස් කර දෙන ලෙස ඉල්ලන්න. එසේ කළයුතුයි.

ලිපිය දීර්ඝ නොකර ඔබට අවශ්‍ය ප්‍රධාන වන දේ පමණක් දැනුවත් කර බහිරව පූජාව නිසි ලෙස තබා ඔබට යහපත උදා කරදීම මෙම ලිපියේ අරමුණයි.

බහිරව පූජාව දේව ආශිර්වාදය ප්‍රධානම කරන දෙයක් බැවින් බුදුගුණ පළමුව කියා තුණුරුවන්ගේ ආශිරිවාදය ලබාගෙන, දේව ආරාධනා කර මල් පහන් පූජා ද්‍රව්‍ය පහන් පැල මත තැන්පත් කරලා පළමු වතාවත් සිදු කිරීම කළ යුතුයි. කිලි හා පිළී වර්ග මස්, මාළු බිත්තර, වැනි දෙයින් ඈත්ව ඉතා පවිත්‍රව පිරිසිදුව මෙය කරනවානම් වඩා ඵලදායි වෙයි. දෙවියන්ට පින්දීම කරලා දේව ආශිර්වාදය ද ලබා ගන්න. ඔබ බහිරව පූජාව තබන ස්ථානය සීමා කර තුන්පට සුදුනූල් ඇද සීමා කරලා කහ වතුර ඉසීම කළ යුතුයි. ඉඩම විශාල නම් ඔබගේ ගෙදර අවට යම් බිම් ප්‍රමාණයක් තෝරාගෙන සීමාවන් දැමීම කළ යුතුයි. බහිරව පූජාව තැබීමෙන් පසුව ඉඩම ආරක්‍ෂා කිරීමට ආරක්‍ෂක මුට්ටි 8ක් අට කොණ

දැමීම කළ යුතුයි. අබ වැලි මතුරා වත්තට හා ඉදිකර ඇති නිවසක් නම් ආවරණය වන ලෙස ආරක්‍ෂාව දැමීම කළ යුතුය. බුදුගුණ ආරක්‍ෂාවක් කිරීම වඩා ශුභ වෙයි.

ආරක්‍ෂා මුට්ටි දැමීමට පෙර ඉඩමට දෙහි හා අහුගෙඩි කැපීම කළ යුතුය. දෝෂ ඉවත් වීමට සාම්බ්‍රාණි මතුරා ගෙන ඉඩමට දුම් ඇල්ලීමත් කළ යුතුයි. සියලුම වතාවත් නිම කරලා භූමියට ආරක්‍ෂාවක් දැමීම මගින් ඔබට යහපත උදාකර ගතහැකි වනු ඇත.

බාහිරව පූජාව නිසි ලෙස තබා දෝෂ ඉවත්කර ගන්න

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විද්‍යා විශ්වකීර්ති
නිහාල් හේවාබටගොඩගේ
077 418 1903

advertistmentadvertistment
advertistmentadvertistment