මෙන්න කසාදය සිද්ධ වෙන හැටි….

434

ඇය ඉපදී ඇත්තේ වර්ෂ 1980 ඔක්තෝබර් 20 වැනි දින කන්‍යා ලග්නයෙන් හා කටක නවාංශකයෙන් සියාවස නැකත ප්‍රථම පාදයයි. කන්‍යා ලග්නයේ හා කටක නවාංශකයේ ග්‍රහචාරය මෙස්ය.

කන්‍යා ලග්නය

කු

බුර

ශුගු

කේ ච

ශු රා

සියාවස පාදය – 01

රාහු

කටක නවාංශකය

කේ

රා

රකු

ශු ච

බු

ශ ගු

දෙවැන්න හා දොළොස්වැන්න අතර පරිවර්තන යෝගය වේ. හත අධිපතියා විසි දෙවෙනි දෙර්කාණාධිපතියා වී ඇත. මේ කරුණු සැලකිල්ලට ගෙන ඇයගේ යුග දිවිය පිළිබඳ පරීක්‍ෂා කළෙමි.

මෙම ග්‍රහචාරය නිවැරැදිව තේරුම් ගැනීමට අතීත සිදුවීම් කිහිපයක් හා පොදු තොරතුරු සමහරක් විමසිය යුතුව ඇත. මෙම ග්‍රහචාරය අනුව ඇයගේ පියා ඇය කුඩා කාලයේ දීම මිය යා යුතුය. ඇයත් සමග සහෝදර සහෝදරියන් පස්දෙනෙකු සිටිය යුතු අතර මවගේ පළමු විවාහයට අයත්වනුයේ ඇය හා තවත් එක් අයෙකි. ඒ අය සහෝදරියන් විය යුතුයි. ඇය ළඟට ම බාල සහෝදරියක් ඉපදීමට හේතුවී ඇත්තේ තුන් වැන්නේ සිටින කුජ සහෝදරයෙක්ගේ ඉපදීමට බාධා කරන බැවනි. මවගේ දෙවැනි විවාහයෙන් තවත් සහෝදර සහෝදරියන් තිදෙනකු සිටිය යුතුයි. විපරම්කර බැලීමේදී ඒවා සත්‍ය බව අනාවරණය විය. මෙවැනි

නිගමනයකට එළැඹිය 9 අධිපති සිකුරු 64 නවාංශකාධිපති යාවී බාධක ග්‍රහයා වී දොළොස්වැන්නේ සිටීම නිසා පියාට මාරක අපල උදාකරන බැවිනි. දසා විදෙසාවන් අනුව පියා ඇය කුඩා කාලයේ දීම මිය යා යුතුය. ගුරු විසි දෙවෙනි දෙකර්ණාධිපතියා වී සිටීම, දෙවැනි විවාහයෙන් දරුවන් තිදෙනකු ඇති බව තීරණය කළ හැකි විය.

ඉන් ඇයගේ ග්‍රහචාරයට අනුව ස්ථිරවම විවාහයක් සිදුවන බවත් සහකරු උත්සව අවස්ථාවකදී හෝ වන්දනා ගමනක දී මුණ ගැසෙන බවත් ඔහු ඇගේ ගෙදරට ම පැමිණ ඔහු විසින්ම යෝජනාව ඉදිරිපත් කර නොබෝ දිනකින්ම විවාහය සිදුවන බවත් 2000 සැප්තැම්බර් මස දිනක දී විවාහය සිදුවිය යුතු ඇත. ඔහු කෙබඳු අයෙක් විය යුතුද? (විවාහයට කේන්දරය බලපාන හැටි) හා (ඔබේ විවාහය ජ්‍යොතිෂය ඇසින්) යන ග්‍රන්ථවල ඇති පරිදි ඇයගේ සහකරු ගැන තොරතුරු පරීක්‍ෂා කරන ලද්දේ හත්වැන්නේ කිසිදු ග්‍රහයෙක් නොසිටි බැවින් 7 අධිපති ගුරු ලග්නයේ සිටීම නිසාය. හත්වැන්නෙන් කවර හෝ ග්‍රහයෙක් සිටියේ නම් හත්වැන්නේ සිට බැලිය යුතු බව එහි සඳහන්කොට ඇත. මේ අනුව ඔහු සිහින් සිරුරක් ඇති මනා කඩවසම් පෙනුමකින් යුත් අයෙකි. මුහුණ රවුම් ස්වරූපයක් ගන්නා අතර දත් තරමක් විකෘති වී තිබිය යුතුය. උසස් අධ්‍යාපනයක් ලබා තිබීමට හේතුයි. මුදල් ඉපයීමේ මාර්ග කිහිපයක් ඇති නමුත් ඔහුට ස්ථිර රැකියාවක් ලැබෙනුයේ විවාහ වීමෙන් පසුවය. ඔහුගේ දෙමාපියන් තරමක් දියුණුවී ඇති අය නමුත් සියලු ඥාතීන්ගෙන් ඈත් වී ජීවත් වන්නෙක් හෝ ඥාතීන් කෙරෙහි කිසිම සැලකිල්ලක් නොදක්වන්නෙක් විය යුතුය. ඔහුගේ පියා වෛද්‍යවරයෙක් වීමට ද පුළුවන. ඔහුගේ සියලු සහෝදර, සහෝදරියන් සංඛ්‍යාව අට දෙනෙක්, නමුත් ජීවතුන් අතර ඇත්තේ ඔහු සමග පස්දෙනෙකි. අධ්‍යාපනය තරමට තවමත් සුදුසු රැකියාවක් ලැබී නැත. රැකියාව ලැබීමට පෙර විවාහය සිදුවනවා ඇත. මෙම විස්තර අදාළ අයට දැන්වූ පසුව දෙදෙනාම පැමිණ කීවේ ගිය වෙසක් පෝයට කැලණි විහාරය වැඳීමට ගිය වේලාවේදී තරුණයෙක් අක්කා කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා කතා කළ බවත්, නිවස දැනගෙන ගෙදරට පැමිණ විවාහ යෝජනා කළ බවත් එය සුදුසු දැයි දැන ගැනීමට පැමිණි බවත්ය. ඔහුගේ කේන්දරය ගෙන්වාගෙන තොරතුරු පරීක්‍ෂා කිරීමේදී පෙනී ගියේ ස්ථිරවම මේ දෙදෙනා අතර විවාහය සිදුවන බවය. පසුව එය එසේම සිදුවිය. මෙම ක්‍රමය දැනගෙන සිටීම අවිවාහක තරුණ තරුණියන්ට ඉතාම ප්‍රයෝජනවත්ය. ස්ථිරවම තමාගේ විවාහය සිදුවන කාලයත් සහකරුගේ හෝ සහකාරියගේ සියලු විස්තර දැනගත හැකිය. විසි පොරොන්දම් නොගැළපුණත් තම කේන්ද්‍රයේ කියැවෙන තොරතුරු හා විස්තර ඔහු හෝ ඇය සතු නම් ඔබට දෛවයෙන් හිමි සහකරු හෝ සහකාරිය ඒ අය වනු ඇත. මීට පෙර ඔබට කොතෙකුත් පොරොන්දම් ගැළපෙන අය හමුවී ඇතත් ඒවා සිදුනොවී තිබීමට ද පුළුවන. එයට හේතුව ඔබට දෛවයේ හිමි සහකරු හෝ සහකාරිය ඔහු හෝ ඇය නොවීමය.

මෙන්න කසාදය සිද්ධ වෙන හැටි….

ජේ.ඒ.ඇස්. සහන් ජයකොඩි
ජයකොඩි ජ්‍යොතිෂ්‍ය සේවය,
රද්දොළුගම.
දුරකථන 0114262367/0760611960.

advertistmentadvertistment
advertistmentadvertistment