රවි ධනු රාශියට….

2783

ඇමැතිවරුන්ට වරප්‍රසාද
ජනතාවට වාසි රැසක්


රාජ්‍ය කාරක රවි වෘශ්චික රැස අතහැර 2023 දෙසැම්බර් 16 වැනිදා සෙනසුරාදා සවස 3.58ට ධනු රාශියට ප්‍රවිෂ්ට වේ. ධනු රාශිය යනු ගුරුට අයත් රාශියක් වන අතර රවි ධනු රාශිගත වීම සමඟ කෝණ මාසය ආරම්භය සනිටුහන් වේ. එනම් නැකැත් අඩු කාලයක් ලෙස සැලකෙන කාලයක් ආරම්භ වේ. එහෙත් නව නිර්මාණශීලී අධ්‍යාපන කටයුතුවලට ශුභයි. නීති ක්‍ෂේත්‍රවල අප ප්‍රවේශම් විය යුතුයි. මැති ඇමැතිවරුන්ට වරප්‍රසාද උරුම වේ.

මේෂ

අධ්‍යාපනික කටයුතු දියුණු වේ. අතිරේක ආදායම් මාර්ග කෙරෙහි සිත යොමු කෙරේ. කෙටි හා දීර්ඝ ගමන් යෙදේ. කලාත්මක කටයුතුවලට යහපත් කාලයකි. සමාජ සේවා කටයුතු දියුණු කරයි. කොන්දෙ අසනීප උදා වේ.

වෘෂභ

තම සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමුකළ යුතු කාලයකි. වැඩිහිටියන් සම්බන්ධ කටයුතු වලදී යහපත් කල්පනාවෙන් කටයුතු කරන්න. ජීවිතය පිළිබඳව අලුත් බලාපොරොත්තු උදා වේ. ජලය හොඳින් පානය කළ යුතු කාලයකි.

මිථුන

හවුල් ව්‍යාපාර ආදිය පිළිබඳව උනන්දුව වැඩි වේ. විවාහ සබඳතා ශක්තිමත් වේ. කෙටි ගමන් බහුල කරයි. රැකී රක්‍ෂා, වෙළහෙළදාම් කටයුතු දියුණු කරන කාලයකි. අලුත් මිතුරන් මුණ ගැසේ. අවබෝධය මත නව ආදායම් මාර්ග වර්ධනය කරගත හැක. කලාත්මක කටයුතු වලට ද යහපත් වේ.

කටක

සතුරු බලවේග ඉස්මතු වේ. යම් අපරාධ ආදියට කොටු විය හැක. කෙසේ වෙතත් බුද්ධිමත්ව කටයුතු කර තම අභියෝග ජය ගනී. සතුරන්ට එරෙහිව නිවැරදිව, ශක්තිමත්ව ක්‍රියාත්මක විය හැකි කාලයකි. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලටද ඉතා ශුභයි. යහපත් සේවකයන් ද ලැබේ.

සිංහ

අධ්‍යාපනික කටයුතු දියුණු වේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. සමාජ සේවා කටයුතු ආදියටද මූලිකත්වය ගෙන ක්‍රියා කරයි. ආගම, දහම පිළිබඳ වෙනස් කියවීමක් ඇත. සැඟවුණු රහස් සෙවීමට, ගුප්ත දේට වැඩි කැමැත්තක් දක්වයි. ප්‍රේම සබඳතා සඵල කරයි.

කන්‍යා

දේපළ සම්බන්ධ ගැටලු නිර්මාණයවේ. තම පදිංචිය හෝ ප්‍රදේශය වෙනස් කිරීමට හිතේ. ගෙදර අය සමඟ හෝ ඥාතීන් සමඟ ගැටුම් උදාකර ගනී. හෘද රෝග ඇති අය ප්‍රවේශම් වන්න. විනෝද ගමන් යෑමේදී, තම ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ආහාර රටාව ද වෙනස් වේ.

තුලා

සහජ කුසලතා ඔප් නැංවෙන කාලයකි. ජීවිතය පිළිබඳව අලුත් බලාපොරොත්තු ක්‍රියාත්මක වේ. කෙටි ගමන් යෙදෙන අතර ඒ මගින් නව සබඳතා නිර්මාණය වේ. අවි ආයුධ භාවිතයේදී, කැපීම්, සීරීම් සිදුවිය හැකිදේ කිරීමේදී ප්‍රවේශම් වන්න. විවාහ සබඳතා ශක්තිමත් වේ. ලිපි ලේඛන ගනුදෙනු සාර්ථක කරයි.


වෘශ්චික

ආවේගය, කේන්තිය පාලනය කරගත යුතු කාලයකි. රැකී රක්‍ෂා කටයුතු නිසා නිතර වචන භාවිත කිරීමට සිදු වේ. නීති, භාෂා සන්නිවේදන කටයුතු වල නිරත අයට වැඩි වාසි අත් වේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා වේ. අමතර වැයවීම් පවුල වෙනුවෙන් කිරීමට සිදුවේ. ආදර සබඳතා ශක්තිමත් වේ.

ධනු

බුද්ධිය වර්ධනය වේ. අලුත් මිතුරන් මුණ ගැසේ. දැනුම සහිත අය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව උදාකර ගනී. මහජනතාව, පොදු පිරිස්, දුගී අය, පීඩාවට පත් අය වෙනුවෙන් වැඩ කිරීමට සිදු වේ. පපුව පෙනහලු ආශ්‍රිත රෝග උත්සන්න වෙයි. අලුත් තියුණු මිනිසුන්ද හඳුනාගන්නා කාලයකි. කෙසේ වෙතත් රිය ධාවනයේදී ප්‍රවේශම් වන්න.

මකර

පියා හෝ පිය පස ඥාතීන් සමඟ නොහොද නෝක්කාඩු සාදා ගනී. කෙටි එහෙත් වගකීම් සහිත සංචාර යෙදේ. අනුන්ගේ මුදල් වලට ඇප වීමට සිදුවේ. ණය ගනුදෙනුවලදී ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. වෘත්තීමය අභියෝග උදාවන බව පෙනේ. සමාජ සබඳතා ශක්තිමත් කරයි.

කුම්භ

කලබල සෝබාවය අඩු වේ. නව ආදායම් ලැබේ. වගකීම් වැඩි වේ. පියා හෝ ඒ ආශ්‍රිත ව්‍යාපාර වලට යොමුවේ. නැතහොත් රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ ලාභ ලබාගත හැකි කාලයකි. අනවශ්‍ය මිතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. අලුත් අමුතු ශක්තියක් හිමිවන, කටයුතු සඵල වන වැඩිහිටි උදව් හිමිවන බව දැනෙන ග්‍රහ මාරුවකි.

මීන

රැකියාවේ දියුණුව උදෙසා කැපවීමෙන් කටයුතු කරයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දියුණු කරයි. විනෝද ගමන් යෑමට අවස්ථාව උදා වේ. අවබෝධය සහිත කටයුතු වලට ඉතා ශුභයි. මැණික්, ස්වර්ණාභරණ ව්‍යාපාර දියුණු කරයි. භූමි ලාභ ලැබේ. උසස්වීම් හෝ වැටුප් වර්ධන නැතහොත් අතිරේක ආදායම් ඉහළ යන කාලයකි. කෙසේ වෙතත් සිල්වත් ස්වාමීන් වහන්සේ තුන් නමකට හීල් දානයක් පිරිනමා, පාවහන් පූජා කිරීම මෙම රවි මාරුවේ දෝෂ දුරුකරවා ගැනීමට හේතුවනු ඇත.

රවි ධනු රාශියට….

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment