ඇවිදීමේ රන් පදක්කම පෝලන්තයේ ටොමෝලා දිනයි

390

ජපානයේ ටෝකියෝ අගනුවර දි දැන් ක‍්‍රියාත්මක 32 වෙනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි කිලෝ මීටර් 50 ක දුර ප‍්‍රමාණයකින් සැදුම්ලත් වූ තරග ඇවිදීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට පෝලන්තය නියෝජනය කළ ‘‘ටොමෝලා ඬේවිඞ්” සමත් වූයේය.

 තරගකරුවන් 59 දෙනෙකුගේ

 සහභාගීත්වයෙන් පැවති මෙම තරගයේ රන් පදක්කම දිනා ගැනීම සඳහා ටොමෝලා ඬේවිඞ් හට පැය 3.50.08 ක කාලයක් ගත විය. එකී රිදී පදක්කම ජර්මනියේ ජොනතන් හිල්බට් (පැය 3.50.44 ටද ලෝකඩ පදක්කම කැනඩාවේ ඊවන් ඩන්ෆී ( පැය 3.50.59* ට ද හිමි වූහ.

 කිලෝ මීටර් 20 ක් වූ කාන්තා තරග ඇවිදිම ඉසව්වේ රන් පදක්කම ඉතාලියේ අන්ටොනෙල්ලා පැල්මිසානෝ (පැය 1.29.12* දිනා ගත්තේ පසුගිය රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පදක්කමක් පෙනි පෙනී ලත් පරාජයේ වේදනාව අහවර කර ගනිමින් වීම කැපී පෙනුණි.

 එවර ඇයට 04 ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු වූවාය.

 තම 30 වන උපන් දිනය යෙදී තිබුණු ඊයේ (06* හිමි කර ගත් මෙම රන් පදක්කම ඉතාලි ඉතිහාසයට එක් වන්නේ කිලෝ මීටර් 20 තරඟ ඇවිදීමේ ඉසව්ව ජයගත් පළමුවැනිය ලෙසය .

 තරග කාරියන් 58 ක්  සහභාගි වූ මෙම ඉසව්වේ රිදී පදක්කම කොලොම්බියාව ද ලෝකඩ පදක්කම චීනය ද සතු විය.


අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment